මිදිගම වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් 03කු සැකපිට අත්අඩංගුවට

මිදිගම – බටවල, පාතේගම ප්‍රදේශයේ ව්‍යාපාරික නිවසකට අද (17) අලුයම එල්ල වූ වෙඩි තැබීමේ සිදුවීමට සැකපිට පුද්ගලයින් තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මිදිගම පොලිසිය පැවසුවේ වෙඩි තැබීම සඳහා භාවිත කර ඇත්තේ පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් බවත් ඉන් අලුයම 2.10ට පමණ වෙඩි ප්‍රහාර 05ක් ද එල්ල කර ඇති බවයි.

වෙඩි තැබීමෙන් නිවසෙහි දොර – ජනෙල්වලට හානි සිදු ව තිබෙනවා.

වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් ජීවිත හානි හෝ තුවාල සිදු ව නැහැ.

සැකකරුවන් මිදිගම – පාතේගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 28,40 හා 41 සීමාවේ පසුවන්නන්.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
00:00
Video thumbnail
නොන්ඩි ගාගෙන උසාවියට ආපු හරක්කටා
01:20
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක්
00:50
Video thumbnail
කපුටු කාක්කව ගෙනල්ලා නීතිය ක්‍රියාත්මක කරනවා - බේරෙන්න බෑ
11:41
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක් - අපේ මුළු පවුලම කතෝලික..හරිම කණගාටුයි
01:52
Video thumbnail
රට අනුරට - ගොවියා කසිප්පු පොළට
05:42
Video thumbnail
කරන්න බැරිනම් මේ හත්තිලව්ව දීලා යන්න - මදුරුවෝ ඇවිත් මිනිස්සුන්ට ඇරියට පස්සේ චෙක් කරන්නේ
03:08
Video thumbnail
ආලෝකා සුනඛයා වගේ පාද යාත්‍රාවේ යන අපේ රටේ සුනඛයා - අනුරාධපුරයේ ඉදන් පාද යාත්‍රාවේ එන හැටි
02:41
Video thumbnail
මගේ ලැම්බෝගිනිය ගෙනත් දෙන්න - ආණ්ඩුවට පිං සිද්දවෙයි
08:09
Video thumbnail
සියම් පාද යාත්‍රාවේ එන සුනකයා - හාමුදුරුවන්ට කිට්ටු වෙන්න දෙන්නේ නෑ
01:06