මිතුරාගේ බැංකු කාඩ්පතින් මුදල් වංචා කළ කොස්තාපල් අත්අඩංගුවට

ශ්‍රී දළදා මාළිගාවේ පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකුගේ බැංකු කාඩ්පත් සොකරම් කර රුපියල් 105000ක මුදලක් ලබා ගැනීමේ චෝදනා මත එම පොලිස් ස්ථානයේම සේවය කරන කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ.ටී.එම් කාඩ් පතේ හිමිකරු සහ සැකකරු මිතුරන් වන අතර ඔවුන් දෙදෙනා අස්ගිරියේ පොලිස් භට නිවාසයේ එකම කාමරයක සිට ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මුදල් අවශ්‍යතා ඇති වූ අවස්ථා කිහිපයකදීම පැමිණිලිකාර පොලිස් නිලධාරියා තම මිතුරාට බැංකු කාඩ්පත රහස්‍ය අංකය ද සමඟ ලබා දී තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබෙනවා.

රහස්‍ය අංකය දැන සිටි සැකකරු භට නිවාසයේ මිතුරා නොමැති අවස්ථාවක ඔහුගේ බැංකු කාඩ්පත සොරාගෙන මෙම මුදල් සොරකම සිදුකර ඇතැයි සඳහන්.

බැංකුවේ සී.සී.ටී.වී කැමරා පද්ධතිය පරීක්ෂා කිරීමෙන් පසු පොලිස් කොස්තාපල්වරයා ඊයේ (26) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බැංකුවෙන් ලබාගත් මුදල්වලින් රුපියල් 75000ක මුදලක් සැකකරු සතුව තිබී පොලිස් භාරයට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15