spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මිතුරාගේ බැංකු කාඩ්පතින් මුදල් වංචා කළ කොස්තාපල් අත්අඩංගුවට

ශ්‍රී දළදා මාළිගාවේ පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකුගේ බැංකු කාඩ්පත් සොකරම් කර රුපියල් 105000ක මුදලක් ලබා ගැනීමේ චෝදනා මත එම පොලිස් ස්ථානයේම සේවය කරන කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ.ටී.එම් කාඩ් පතේ හිමිකරු සහ සැකකරු මිතුරන් වන අතර ඔවුන් දෙදෙනා අස්ගිරියේ පොලිස් භට නිවාසයේ එකම කාමරයක සිට ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මුදල් අවශ්‍යතා ඇති වූ අවස්ථා කිහිපයකදීම පැමිණිලිකාර පොලිස් නිලධාරියා තම මිතුරාට බැංකු කාඩ්පත රහස්‍ය අංකය ද සමඟ ලබා දී තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබෙනවා.

රහස්‍ය අංකය දැන සිටි සැකකරු භට නිවාසයේ මිතුරා නොමැති අවස්ථාවක ඔහුගේ බැංකු කාඩ්පත සොරාගෙන මෙම මුදල් සොරකම සිදුකර ඇතැයි සඳහන්.

බැංකුවේ සී.සී.ටී.වී කැමරා පද්ධතිය පරීක්ෂා කිරීමෙන් පසු පොලිස් කොස්තාපල්වරයා ඊයේ (26) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බැංකුවෙන් ලබාගත් මුදල්වලින් රුපියල් 75000ක මුදලක් සැකකරු සතුව තිබී පොලිස් භාරයට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
4
+1
3
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?