මිතුරාගේ නිවසේ නවතා තිබූ රු. ලක්‍ෂ 80ක් වටිනා  නවීන මෝටර් රථයත් සමග බ්ලු සෆයා මැණික් ගලත් උස්සලා

රුපියල් ලක්ෂ හතළිහක් වටිනා බ්ලු සෆයා මැණික් ගලක්, රන් පවුම් තුන හමාරකින් නිමවන ලද මාතාංගේෂ්වරී යන්ත්‍රයක් (සුරය) හා රුපියල් ලක්ෂ එකහමාරක් වටිනා ලැෆ්ටොප් මැෂිම සමග රුපියල් ලක්ෂ අසූවක් වටිනා නවීන පන්නයේ මෝටර් රථයක් පැහැරගෙන ගොස් ඇතැයි එහි හිමිකරු වන ගම්පොළ දැල්පිටිය පදිංචි සරත් චන්ද්‍රකාන්ත ජයතිලක යන අය ගම්පොළ පොලිසිය වෙත පැමිණිල්ලක් සිදුකර ඇත.

මෙම මෝටර් රථය ගම්පොළ දැල්පිටිය නවදේවිට සිය මිතුරකුගේ නිවසේ නවතා තිබියදී 7 දින රාත්‍රියේ 11.30 පසු මෙසේ රැගෙන ගොස් ඇතැයි එම පැමිණිල්ලේ සඳහන් වේ.

ගම්පොල පොලිසියේ අපරාධ අංශය මේ පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර ඇති අතර ඊයේ (9 දා) දින ගම්පොල අධිකරණය මගින් නියෝගයක් ගෙන මෙයට ආදාළ කල්බදු සමාගම මගින් ද විමසීමට කටයුතු යොදා තිබුණි.

කෙසේ වෙතත් රට තුළ පවතින තත්ත්වය සමග කල්බදු සමාගම්

මගින් වාහන රැගෙන යෑම (සීස් කිරීම) සිදු නොකරන අතර හිඟ වාරික සම්බන්ධයෙන් කටයුතු කිරීම පමණක් සිදු කරන බවත් පරීක්ෂණ පවත්වන පොලිසිය පවසයි.

කෙසේ වෙතත් රුපියල් ලක්ෂ 50 ක් පමණ වන මැණික් ගලක් හා රන් පවුම් තුනහමාරක් ඇතුළු දේපළ නැතිවීම සම්බන්ධ පැමිණිල්ල පිළිබඳව ද වෙනම පරීක්ෂණයක් අරඹා ඇති බව පොලිසිය පැවසීය.

ටොයෝටා වෙරෝෂා නමැති මෙම නවීන මෝටර් රථය හා එහි ගමන් ගන්නා අයගේ ආරක්ෂාව සඳහා රනින් නිමවන ලද මෙම මන්ත්‍ර කරල ලද මාතාංගේශ්වරී සුරය තනා එහි තබා තිබූ බවත් බ්ලූ සෆයා නමැති මැණික් ගල සඳහා නිකුත් කර ඇති සහතිකය තමා සතු බවත් පැමිණිලිකරු සඳහන් කර ඇත.

මේ සමග රුපියල් 41,000ක් වටිනා අමතර ටයරයක් රුපියල් 16,000 ක් වටිනා හුළං මැසිම ඇතුළු දේපළ ද මෝටර් රථය තුළ තිබූ බවට පැමිණිල්ලේ සඳහන් වේ. ගම්පොල පොලිසිය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනාගේ ප්‍රකාශයක් ගැන පොහොට්ටුවෙන් හෙළිකරයි - රාජපක්ෂලට නඩු දාන්නේ මේක නිසාද ?
02:27
Video thumbnail
ජනපති ඇතිවෙන්න බොරු කිව්වා - ආණ්ඩුව ජනතාවගේ බලයෙන්ම මට්ටු කරන්න වෙයි
04:32
Video thumbnail
නාමල්ට තියෙන බය නිසා ඔහුව හිර කරලා තියාගන්න හදන්නේ ආණ්ඩුව
06:51
Video thumbnail
22 සම්මත වුණොත් වෙන විනාශය මෙන්න ?විනිසුරුවරුන් විශාල ගණනක් අධිකරණයට පැක් කරන්නේ
05:08
Video thumbnail
වාහන එකින් එක නවත්තලා සීට් බෙල්ට් චෙක් කරන හැටි - කලින් පටන් ගන්න තිබ්බ වැඩක් - හොඳයි මේක
03:54
Video thumbnail
සංශෝධනයෙන් තොරතුරු දැන ගැනීමට තියෙන අයිතිය සීමා කරනවා - දත් තිබුණට මොකද හ#පන්න බැරිනම් ?
06:11
Video thumbnail
සෞදියේ ම#ණ දඬුවම හිමිවූ තරුණයා ගැන රාසමාණික්කම්ගෙන් අනාවරණයක් - ඉදිරිපත් වෙනවා කිව්ව නීතිඥයා වෙනස්
04:17
Video thumbnail
පානදුර වෙරළට කොට්ටහච්චි බැහැලා දුන්න සුපිරි සුද්දය - පුංචි දෙයක් මුදා හරින්න කළින් දහස්වරක් සිතන්න
04:17
Video thumbnail
දඩවලින් නීතිය හදන්න බෑ ආකල්පමය වෙනසක් අවශ්‍ය වෙනවා - පොලිස්පති කිව්ව සුපිරි කතාව
02:30
Video thumbnail
අනතුරු ගැන පොලිස්පති හෙළිකරපු දේ - ගොඩක් අනතුරු වෙන්නේ විෂ මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීම නිසා
04:52