මෑන් පවර් යෙදූ වරායේ කම්කරුවන්ගේ වැටුප් මාස 09ක් ගෙවා නෑ

තමන්ට හිමිවිය යුතු මාස 09ක වැටුප් මෙතෙක් ගෙවා නොමැති බවට පවසමින් කොළඹ වරාය නගරය තුළ ඉදිකිරීම් අංශයේ සේවය කරන කම්කරුවන් පිරිසක් අද (06) උද්ඝෝෂණයක නිරත වුණා.

මෙම උද්ඝෝෂකයින් විරෝධතා පුවරු ඔසවමින් ජනාධිපති ලේකම් කාර්‍යාලය අබියස උද්ඝෝෂණයේ නිරත වූ බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

මෙම සේවකයින් මෑන් පවර් ආයතන මගින් සේවයේ යොදවා ඇති අතර මොවුන්ගේ ආයතනයට වැටුප් ගෙවන්නේ වරාය අධිකාරිය හරහා බවත් වරාය අධිකාරියට එම මුදල් ගෙවන්නේ චයිනා හාබර් සමාගමෙන් බවත් ඔවුන් පවසනවා.

සේවකයින්ගේ වැටුප් සම්බන්ධව වරාය අධිකාරියෙන් විමසු විට වරාය අධිකාරිය පවසා ඇත්තේ; චයිනා හාබර් සමාගමෙන් මුදල් නොලැබුණු බවයි.

නමුත් චයිනා හාබර් සමාගම සේවකයින්ට පවසා ඇත්තේ වරාය අධිකාරියට අදාළ මුදල් පියවා ඇති බවටයි විරෝධතාකරුවන් චෝදනා කරමින් පෙන්වාදෙන්නේ.

කෙසේ හෝ තමන්ට අදාළ වැටුප් ලබාදෙන ලෙසයි මෙම සේවකයින් රජයෙන් ඉල්ලා සිටින්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21