spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මැලේසියාවේ දී අනතුරකින් මියගිය ශ්‍රී ලාංකික යුවළගේ දේහයන් දිවයිනට (ඡායාරූප)

මැලේසියාවේ දී හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත් ශ්‍රී ලාංකික යුවළගේ දේහයන් මේ වනවිට දිවයිනට රැගෙනවිට තිබෙනවා.

ගුවන්තොටුපොළ අප වාර්තාකරු සඳහන් කළේ අද (28) අලුයම 2.20ට පමණ මැලේසියාවේ ක්වාලාලම්පූර් සිට මෙරටට පැමිණි යූ.එල්. 319 දරණ ගුවන් යානයෙන් මෙම දේහයන් දෙක මෙරටට රැගෙන ආ බවයි.

මැලේසියාවේ දී පසුගිය 21 වැනිදා සිදු වූ රිය අනතුරකින් වෘත්තියෙන් ඉංජිනේරුවන් දෙපළක් වන මොවුන් දෙදෙනා අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වුණා.

33 හැවිරිදි ශ්‍යාමිලා රංගනී ගුණතිලක සහ 35 හැවිරිදි ශෂික රන්ගොඩ යන මොවුන් ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන්.

මොවුන් දෙදෙනාට 03 හැවිරිදි දියණියක් ද සිටිනවා.

පසුගිය වසරේදී මැලේසියාවේ ක්වාලාලාම්පූර් නුවරට මොවුන් ගොස් තිබුණේ, මෘදුකාංග ඉංජිනේරුවරුන් ලෙස එරට රැකියා හිමිවීමත් සමඟයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
0
+1
0
+1
96
+1
11
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?