spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මැලේරියා මර්දනයට ඔක්ස්ෆර්ඩ් සරසවිය නිපදවූ එන්නත ඝානා රාජ්‍යය භාවිතය අරඹයි

ඝානා රාජ්‍යය මැලේරියා පරපෝෂිතයා මර්ධනය කිරීම සඳහා වසර ගණනාවක් පුරා ඔක්ස්ෆර්ඩ් සරසවියේ වෛද්‍ය කණ්ඩායමක් විසින් පර්යේෂණ කර නිපදවූ එන්නත භාවිතා කිරීම ආරම්භ කළ ලොව ප්‍රථම රට බවට පත්ව තිබෙනවා.

R -21 නමින් නම්කර ඇති මෙම නවතම එන්නත “ලෝකය වෙනස් කරන්නා” යන නමින්ද හඳුන්වනවා.

මෙය ලෝක සෞඛ්‍ය සංවිධානය කෙටි කලකින් නිල වශයෙන් අනුමත කිරීමට නියමිත බවයි එම සංවිධානය නිකුත් කළ වර්තාවක දැක්වෙන්නේ.

මැලේරියාවෙන් වාර්ෂිකව මිය යන පුද්ගලයන්ගේ සංඛ්‍යාව හය ලක්ෂ විසි දහසක් පමණ වන බවත් ඉන් බහුතරයක් කුඩා ළමුන් බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙනවා.

මේ වනවිට ළමුන් 5000 කට මෙම එන්නත ලබා දී ඇති අතර ඉන් ලැබෙන ප්‍රතිඵල මත මෙම එන්නතට ලොව පුරා පිළිගැනීමක් ලැබෙනු ඇති බව ඔක්ස්ෆෝර්ඩ් සරසවියේ වෛද්‍ය ආචාර්යවරුන් පවසා තිබෙනවා.

වයස මාස පහේ සිට අවුරුදු 3 දක්වා වූ වයස් ඛාණ්ඩයේ ළමුන් හට එන්නත ලබාදීම සඳහා ඝානා ආහාර හා ඖෂධ අධිකාරිය අනුමැතිය ලබා දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?