මැලේරියා මර්දනයට ඔක්ස්ෆර්ඩ් සරසවිය නිපදවූ එන්නත ඝානා රාජ්‍යය භාවිතය අරඹයි

ඝානා රාජ්‍යය මැලේරියා පරපෝෂිතයා මර්ධනය කිරීම සඳහා වසර ගණනාවක් පුරා ඔක්ස්ෆර්ඩ් සරසවියේ වෛද්‍ය කණ්ඩායමක් විසින් පර්යේෂණ කර නිපදවූ එන්නත භාවිතා කිරීම ආරම්භ කළ ලොව ප්‍රථම රට බවට පත්ව තිබෙනවා.

R -21 නමින් නම්කර ඇති මෙම නවතම එන්නත “ලෝකය වෙනස් කරන්නා” යන නමින්ද හඳුන්වනවා.

මෙය ලෝක සෞඛ්‍ය සංවිධානය කෙටි කලකින් නිල වශයෙන් අනුමත කිරීමට නියමිත බවයි එම සංවිධානය නිකුත් කළ වර්තාවක දැක්වෙන්නේ.

මැලේරියාවෙන් වාර්ෂිකව මිය යන පුද්ගලයන්ගේ සංඛ්‍යාව හය ලක්ෂ විසි දහසක් පමණ වන බවත් ඉන් බහුතරයක් කුඩා ළමුන් බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙනවා.

මේ වනවිට ළමුන් 5000 කට මෙම එන්නත ලබා දී ඇති අතර ඉන් ලැබෙන ප්‍රතිඵල මත මෙම එන්නතට ලොව පුරා පිළිගැනීමක් ලැබෙනු ඇති බව ඔක්ස්ෆෝර්ඩ් සරසවියේ වෛද්‍ය ආචාර්යවරුන් පවසා තිබෙනවා.

වයස මාස පහේ සිට අවුරුදු 3 දක්වා වූ වයස් ඛාණ්ඩයේ ළමුන් හට එන්නත ලබාදීම සඳහා ඝානා ආහාර හා ඖෂධ අධිකාරිය අනුමැතිය ලබා දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39