මැයි 09 සිද්ධියට අදාළව අභියාචනාධිකරණයෙන් විශේෂ නියෝගයක්

දේශපාලකයින්ගේ නිවාසවලට පහර දී ගිනිබත් කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා අපරාධ නීතිය යටතේ ක්‍රියාමාර්ග ගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොන්කර තිබූ රිට් පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (16) නියෝග කර තිබෙනවා.

පෙත්සම්කරුවන් විසින් මෙම පෙත්සම ගොනුකරමින් ඉල්ලා ඇත්තේ අදාළ සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා අපරාධ නීතිය යටතේ ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස්පතිවරයා ඇතුළු ආරක්ෂක බලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙසයි.

ඒ, අනුව අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන්ට ලබන පෙබරවාරි 24 වනදා කරුණු දක්වන ලෙස දන්වා අභියාචනාධිකරණය නොතීසි නිකුත් කරනු ලැබුවා.

පසුගිය මැයි මස 09 වනදා නිවාස හානි සිදුවූ බන්දුල ගුණවර්ධන,කෝකිලා ගුණවර්ධන, ගාමිණී ලොකුගේ, ජනක බණ්ඩාර තෙන්නකෝන්, ප්‍රසන්න රණතුංග, ප්‍රසන්න රණවීර, රෝහිත අබේගුණවර්ධන ඇතුළු දේශපාලනඥයින් 39 දෙනෙකු විසින් අදාළ පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඥානසාර හිමි ගැන දුමින්ද කට අරියි - සිවුරට ගි#නි තියන්න සූදානම් වෙන්න එපා
03:47
Video thumbnail
වන අලියා ළඟ බයික් එකේ වාඩිවෙලා විදේශිකයා ගත්ත Fun එක - කිසි බයක් නැතුව ඉන්න හැටි
00:42
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29