මැයි 09 ප්‍රචණ්ඩ ක්‍රියා ගැන ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ප්‍රතික්ෂේප වෙයි

පසුගිය 2022 වසරේ මැයි මස 09 වනදා ගාලු මුවදොර අරගල භූමියේ ඇතුළු දිවයින පුරා ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමට පොලිසිය නිසි පියවර ගැනීමට අපොහොසත් වීම තුළින් මූලික මිනිස් අයිතීන් උල්ලංඝනය වූ බව සඳහන් කරමින් “රයිට් ටු ලයිෆ්” සංවිධානය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙන නිශ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා.

අදාළ පෙත්සම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ශමින්ද වික්‍රම මහතා මතු කළ මූලික විරෝධතා පිළි ගනිමිනුයි ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවේ.

මෙම පෙත්සම අද එස්. තුරෙයිරාජා, යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එම අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ලක්ෂාන් ඩයස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් චෝදනා කළේ 2022 වසරේ මැයි මස නව වන දා පෙරවරුවේ ගාලු මුවදොර ප්‍රදේශයේ ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා සහ පස්වරුවේ දිවයින පුරා ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමට පොලිසිය නිසි පියවර ගැනීමට අපොහොසත් වීම තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදු වී ඇති බවටයි.

එහිදී ජේෂ්ඨ රජයේ නීතිඥ ෂමින්ද වික්‍රම මහතා මූලික විරෝධතාවක් මතු කරමින් කියා සිටියේ පෙත්සම්කරුවන් මෙම පෙත්සම නිසි නීතිමය කාලසීමාව තුළ ඉදිරිපත් කර නොමැති බවයි.

නියමිත කාලය ඉක්මවා ගිය පසු මෙම පෙත්සම ඉදිරිපත් කර ඇති නිසා එය පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බවත් එය විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙසත් ජේෂ්ඨ රජයේ නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට තීන්දු කළා.

අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මහජන ආරක්ෂක අමාත්‍යවරයා, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දස දෙනකු සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහිණී නැගිටලා ආණ්ඩුවට රිදෙන්නම දෙයි - සිරිකොතේ වැසිකිළියේ ඇතුළේ මැදිහත්වීමද ?
11:53
Video thumbnail
නවීනතම ලැම්බෝගිනි 14ක් කටුනායකට
01:06
Video thumbnail
නීතිඥ සංගමයේ සභාපති වෙනුවෙන් හඬනැගූ සජිත් - මන්ත්‍රීලා තර්ජනාත්මක විදියට කතා කළේ
09:52
Video thumbnail
ආණ්ඩුවට ග#ලා එළවන දවස වැඩි ඈතක නෑ
08:48
Video thumbnail
මයික් එක OFF කරපු නිසා සජිත්ට රතු කට්ට පනියි..කවුද දන්නේ නෑ මයික් OFF කරන්න දාලා තියෙන්නේ
02:16
Video thumbnail
NPP ආණ්ඩුව බුද්ධ ධර්මය පිළිගන්නවද..? ගස් ගල්වලට වඳින මිනිස්සු කියලානේ කිව්වේ එයාලා..
00:21
Video thumbnail
අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම නිසා මිනිසුන්ට යකා නගියි ?මේක දැන් සුසාන භූමියක්වෙලා..බැකෝ ගෙනල්ලා කැඩුවා
08:29
Video thumbnail
මහා බැංකුවේ හදිසි තත්ත්වයක් ?හෙලිකොප්ටර්වලින් ඇවිත් මහ බැංකුවට බහියි..ගිනි නිවීමේ රථත් කැදවයි
03:07
Video thumbnail
අධිචෝදනා ලබා දීමෙන් පසු ඇප මත මුදාහැරපු කරන්නාගොඩ සහ යෝෂිත - යෝෂිත හැරිලා මූණත් බලලා යන හැටි
01:33
Video thumbnail
උසාවිවල තියෙන ඇත්තම ප්‍රශ්නය මෙන්න මේකයි
02:43