මැද පෙරදිගට කොන්දේසි විරහිත සටන් විරාමයක් ඉල්ලා ආරක්ෂක මණ්ඩලයට යෝජනාවක්

මැද පෙරදිග වහාම කොන්දේසි විරහිතව සටන් විරාමයක් ඉල්ලා සිටින යෝජනාවක් සම්මත කරන ලෙස රුසියාව, චීනය සහ පාකිස්ථානය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට යෝජනාවක් කර තිබෙනවා.

නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඊයේ (22) පැවති සැසියේදී මෙම යෝජනාව සිදුකර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

චීනය, රුසියාව සහ පකිස්ථානය ක්ෂණික සහ කොන්දේසි විරහිත සටන් විරාමයක්, සිවිල් වැසියන්ගේ ආරක්ෂාව, ජාත්‍යන්තර නීතියට ගරු කිරීම සහ සංවාදයේ සහ සාකච්ඡාවල යෙදීම සඳහා කැඳවුම් කරන කෙටුම්පත් යෝජනාවක් මෙලෙස යෝජනා කර ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම අනුව ජාත්‍යන්තර නීතියට අනුකූල වන ලෙසද ඔවුන් සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා තිබෙනවා.

මේ අතර වත්මන් ඉරාන පාලනයට ඉරානය නැවත ශ්‍රේෂ්ඨ කිරීමට නොහැකි නම්, පාලන වෙනසක් සිදු නොවන්නේ ඇයි? යනුවෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය සමාජ මාධ්‍යවල සටහනක් පළ කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14