මැදපෙරදිග හමුදා ක්‍රියාමාර්ග නතර කර නැවත සාකච්ඡාවලට එළඹෙන්න – චීනය

මැදපෙරදිග කලාපයේ ඉරානය සහ අමෙරිකාව අතර යුද ගැටුම් නැවතවතාවක් උත්සන්න වීමක් දක්නට ලැබෙනවා.

කෙසේ වෙතත් මේ චීන විදේශ අමාත්‍යාංශය විසින් මෙම මැදපෙරදිග හමුදා ක්‍රියාමාර්ග නතර කරන ලෙස අදාළ පාර්ශවයෙන් ඉල්ලා සිටිනවා.

එම හමුදා මෙහෙයුම් වහාම නතරකර, සංවාදය සහ සාකච්ඡාවලට නැවත වතාවක් අවතීර්ණය වන ලෙස ලෙස, චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක ලින් ජියන් පවසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.

එමෙන්ම කලාපීය රටවල ආරක්ෂාවට ද අදාළ රටවල් ගරු කළ යුතු බව චීනය විසින් අවධාරණය කර ඇති බවයිඕ වාර්තා වන්නේ.