මැදපෙරදිග යළිත් ඇවිළිය හැකි බවට ට්‍රම්ප්ගෙන් රතු සංඥාවක් (වීඩියෝ)

මේ වනවිට සටන් විරාමයකට අවතීර්ණ වී සිටින ඊශ්‍රායලය හා ඉරානය අතර සිදු වූ යුදමය තත්ත්වය යළිත් ආරම්භ විය හැකි බවට අමෙරිකාව අනතුරු අඟවා තිබෙනවා.

විදෙස් මාධ්‍ය උපුටුනයන් පෙන්වා දෙන පරිදි ට්‍රම්ප් මේ බව සඳහන් කර ඇත්තේ අද (26) නෙදර්ලන්තයේ හේග් නුවර දී ආරම්භ වූ නේටෝ සමුළුවට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එළඹෙන සතියේ දී තමන් ඉරානය සමග සාකච්ඡා සිදු කිරීමට ද සැලසුම් කර ඇති බව ද අමෙරිකානු ජනාධිපතිවරයා දැනුම්දී තිබෙනවා.

ඉරානය හා අමෙරිකාව අතර දිගින් දිගටම සිදු වූ න්‍යෂ්ටික වැඩසටහන් සම්බන්ධයෙන් වන සාකච්ඡා අසාර්ථක වීමත්, ඊශ්‍රායලය සමග සිදු වූ යුදමය තත්ත්වයක් ඉරානයට ප්‍රහාර එල්ල කිරීමට අමෙරිකාව පෙළඹීම සිදු වුණා.

ට්‍රම්ප් මාධ්‍ය වෙත වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මෙවැන්නක්;

”ඔවුන් දෙපාර්ශ්වයටම දැන් මහන්සියි. වෙහෙසට පත් වෙලා ඉන්නේ. ඔවුන් ඉතාම දරුණු ලෙස යුද වැදුණා. නමුත් ඔවුන් දෙගොල්ලම එය අතහැරීමට තරම් සෑහීමකට පත් වුණා. නමුත් යුද්ධය යළි ආරම්භ විය හැකියි. මම හිතන්නේ කවදා හරි. එය ඉතා ඉක්මනින් වුවත් ආරම්භ වෙන්න පුළුවන්. ඉරානය සතුව විශාල අවස්ථාවන් තිබෙනවා. ඔවුන්ට ගොඩාක් දේවල් කළ හැකියි. නමුත් මම දකින්නේ නැහැ, ඔවුන් යළි න්‍යෂ්ටික ව්‍යාපාරය සමග නම් සම්බන්ධ වෙයි කියලා. ඔවුන් වසර 20ක් තිස්සේම එය කළානේ. මට නම් පේන්නේ නැහැ එය නැවත සිද්ධ වේවි කියලා. නමුත් කවදා හරි එය සිද්ධ වෙනවානම් අපි එතන ඉන්නවා. ඒ මම නොවෙන්න පුළුවන්, නමුත් කවුරු හෝ එතන ඉන්නවා. නමුත් අපි එතන ඉන්නවා. අපිට ඒ වෙනුවෙන් දෙයක් කරන්නම වෙනවා.

අපි ලබන සතියේ ඉරානය සමග යළි සාකච්ඡා කරනවා. අපි සමහර විට ගිවිසුමක් අත්සන් කරයි. මම දන්නේ නැහැ, මට නම් ඒක ඒතරම් අවශ්‍ය නැහැ කියලා හිතෙනවා. මට එතන ගිවිසුමක් තිබුණත් එකයි, නැතත් එකයි. අපි ඉල්ලන එකම දේ තමයි අපි මීට කලින් ඉල්ලපු දේ. අපිට න්‍යෂ්ටික බලය අවශ්‍ය නැහැ. අපි න්‍යෂ්ටික බලය විනාශ කළා. ඒක විනාශ වෙලා ඉවරයි දැන්. අපි ඒක පුපුරවා හැරියා. ඒ නිසා මට ඒක එතරම් තදින් දැනෙන්නේ නැහැ. නමුත් අපිට ලියවිල්ලක් ලැබෙනවා නම් හොඳයි. ඒක නරක නැහැ” යනුවෙන්.

මේ අතර කිසිම අවස්ථාවක තමන්ට එරෙහිව වරදක් නොකරන ලෙස ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකායේ අණදෙන නිලධාරී ජෙනරල් මොහොමඩ් පක්පූර් ඊශ්‍රායලයට අනතුරු ඇඟවීමක් ද සිදු කළා.

ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ;

”අපේ සියලු සටන්කාමීන් සූදානමින්. ඔවුන්ගේ ඇඟිලි තිබෙන්නේ ගිනි අවිවල කොකා මතයි. සතුරා වැරැද්දක් කළොත් ඔවුන්ට ස්ථීර සහ බලවත් ප්‍රතිචාර ලැබේවි. හරියට ගෙවුණු දින 12 තුළ කළා වගේ. අපේ රට ආරක්ෂා කරගැනීමට අපි එක මොහොතක්වත් පසුබට වෙන්නේ නැහැ” යනුවෙන්.

ඉරාන – ඊශ්‍රායල ගැටුම කිසිවෙකුට පාලනය කළ නොහැකි ගින්නක් දක්වා ඇවිළිය හැකි බවත්, දෙපාර්ශ්වයටම සාමය සඳහා අවස්ථාවක් ලබා දෙන ලෙසත් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටේරස් ගැටුමට සම්බන්ධ සහ සම්බන්ධ විය හැකි පාර්ශ්වලට පවසනවා.

යුරෝපීය විදේශ අමාත්‍යවරුන් ඉරාන විදේශ අමාත්‍යවරයා හමු වූ අවස්ථාවේ දී එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා ආරක්ෂක මණ්ඩලය අමතමින් මේ බව ප්‍රකාශ කළා.

”තෝරා ගැනීමේ අවස්ථා අප ඉදිරියේ තිබෙනවා. හුදෙක් ඒවා ප්‍රතිවිපාක පමණක්ම නොවෙයි. ඔවුන් එය නිර්වචනය කරමින් සිටිනවා. එම මොහොතේ ගන්නා දිශාව අනුව ජාතියේ ඉරණම පමණක් නොවෙයි අපගේ සාමූහිකයේ අනාගතයත් තීරණය වෙනවා. මේක එහෙම මොහොතක්. ගැටුමට සම්බන්ධ සහ සම්බන්ධ විය හැකි පාර්ශ්වලට මෙන්ම ජාත්‍යන්තර ප්‍රජාවේ නියෝජිතයින් හැටියට ආරක්ෂක කවුන්සිලයට සම්බන්ධ පාර්ශ්වලට මට දෙන්න තියන එකම පණිවුඩය තමයි සාමයට අවස්ථාවක් දෙන්න කියන එක.” යනුවෙන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18