මැතිව්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් නැතිව LPL සංචිත තෝරා ගත් හැටි මෙන්න

2021 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියර සඳහා ක්‍රීඩකයින් තෝරා ගැනීමේ කටයුතු (Player draft) අවසන්ව තිබෙනවා.

මෙම ක්‍රීඩකයින් තෝරා ගැනීමේ අවස්ථාවේ දී කිසිදු කණ්ඩායමක් විසින් කුසල් ජනිත් පෙරේරා, ඇන්ජෙලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල් හා ධනංජය ද සිල්වා මෙන්ම අකිල ධනංජය, ප්‍රවීන් ජයවික්‍රම හා මිනෝද් භානුක යන ක්‍රීඩකයින් සිය කණ්ඩායම් සදහා තෝරා නොගැනීම විශේෂත්වයක් වනවා.

එක් සංචිතයකට විදෙස් ක්‍රීඩකයින් 6 දෙනෙකු හා දේශීය ක්‍රීඩකයින් 14 දෙනෙකු සමගින් ඇතුළත්ව ඇති සමස්ත ක්‍රීඩකයින් සංඛ්‍යාව 20ක් වනවා.

2021 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට තෝරා ගැනුණු ක්‍රීඩකයින්ගේ ලැයිස්තුව පහතින් දැක්වේ.

Jaffna Kings :

තිසර පෙරේරා, වනිඳු හසරංග, වහාබ් රියාස්, ෆෆ් ඩු ප්ලෙසිස්, ෂොයිබ් මලික්, උස්මාන් ශින්වාරි, රාමනල්ලා ගුර්බාස්, අවිශ්ක ප්‍රනාන්දු, උපුල් තරංග, චතුරංග ද සිල්වා, ජෙඩ්න් සීල්ස්, සුරංග ලක්මාල්, අෂේන් බණ්ඩාර, මහීෂ් තීක්ෂණ, චාමික ගුණසේකර, විජයකාන්ත් වියස්කාන්ත්

අතිරේක ක්‍රීඩකයින් – දේවේන්ද්‍රන් දිනූෂන්, අෂේන් රන්දික, රත්නරාජ් තේනුරාදන්, ක්‍රිෂාන් සංජුල

Dambulla Giants :

ඉම්රාන් තහීර්, දසුන් ශානක, රයිලි රොසව්, චාමික කරුණාරත්න, ෂොයෙබ් මක්සූඩ්, ඔඩියන් ස්මිත්, ජොෂ් ලිට්ල්, නිරෝෂන් දික්වැල්ල, නුවන් ප්‍රදීප්, රමේෂ් මෙන්ඩිස්, නජිබුල්ලාහ් සඩ්රාන්, තරිදු රත්නායක, ළහිරු උදාර, සාෂා සෙනවිරත්න, මුදිත ලක්ෂාන්, කලන පෙරේරා

අතිරේක ක්‍රීඩකයින් – සචිත ජයතිලක, මදුෂාන් රවිචන්ද්‍රකුමාර්, ජනිත් ලියනගේ, චාමිකර එදිරිසිංහ

Colombo Stars:

ක්‍රිස් ගේල්, දුෂ්මන්ත චමීර, අහමඩ් ශේසාඩ්, ඩිල්ෂාන් මුණවීර, මොහොමඩ් ඉර්ෆාන්, අල් අමීන් හොසේන්, ටස්කින් අහමඩ්, පැතුම් නිස්සංක, ලක්ෂාන් සදකැන්, සීක්කුගේ ප්‍රසන්න, මන්ප්‍රීට් සිං, ගිහාන් රූපසිංහ, ළහිරු ගමගේ, ටී.එම් සම්පත්, නුවනිදු ප්‍රනාන්දු, ජෙහාන් ඩැනියෙල්

අතිරේක ක්‍රීඩකයින් – මළිදු මදුරංග, නලීන් ප්‍රියදර්ශන, හෂාන් දුමිදු, කබිල් රාජ්

Galle Gladiators

මොහොමඩ් හෆීස්, ඉසුරු උදාන, ටැබ්රයිස් ශම්සි, කුසල් මෙන්ඩිස්, මොහොමඩ් අමීර්, සමිත් පටෙල්, සෆ්‍රාස් අහමඩ්, ධනුෂ්ක ගුණතිලක, භානුක රාජපක්ෂ, ධනංජය ලක්ෂාන්, අන්වර් අලී, පුලින තරංග, නුවන් තුෂාර, ළහිරු මදුෂංක, දිල්ෂාන් මදුෂංක, අෂේන් ඩැනියෙල්

අතිරේක ක්‍රීඩකයින් – කෙවින් කොත්තිගොඩ, මොහොමඩ් ශමාස්, සුමින්ද ලක්ෂාන්, ඇන්ජෙලෝ ජයසිංහ

Kandy Warriors

රොව්මන් පවෙල්, චරිත් අසලංක, කැමරන් ඩෙල්පොට්, ළහිරු කුමාර, මොහොමඩ් මිතුන්, නස්මුල් ඉස්ලාම් අපු, මෙහෙදි හසන් රානා, ඇන්ජෙලෝ පෙරේරා, අසේල ගුණරත්න, මිලින්ද සිරිවර්ධන, අම්ජාඩ් ඛාන්, ඉෂාන් ජයරත්න, බිනුර ප්‍රනාන්දු, කමිදු මෙන්ඩිස්, කමිල් මිෂාර, අයන් සිරිවර්ධන

අතිරේක ක්‍රීඩකයින් – නිමේෂ් විමුක්ති, උදාර ජයසුන්දර, ශෂික දුල්ෂාන්, කල්හාර සේනාරත්න



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴Breaking News
01:26
Video thumbnail
නියත වශයෙන්ම 2029 නාමල් රාජපක්ෂව ජනපති කරනවා - පුළුවන් නම් ජනතාව එන එක නවත්තන්න
02:03
Video thumbnail
බාල ගල් අඟුරු මගඩිය ගැන කවුරුත් නොකී තොරතුරු රැසක් එළියට - ලැබුණයි කිව්ව ගල් අඟුරු ලැබිලා නෑ
04:10
Video thumbnail
කාලෙන් කාලෙට කරපු බලපුළුවන්කාරකම්වලට නිලධාරින්ටවත් කට අරින්න බෑ - ලාල්කාන්තගෙන් සැර කතාවක්
04:07
Video thumbnail
මේ පක්ෂයේ නායකයා මහින්ද රාජපක්ෂ - අපිව මර්දනය කරන්න බෑ..ක්‍රියාත්මක වෙන්නේ යම් දඩයමක්
04:54
Video thumbnail
මහා මගඩිය පිටුපස ඉන්න මහ මොළකරු අනුර කුමාරද ? - අනුර නැත්තම් මේවා කෑවද ?
01:35
Video thumbnail
නාමල් වෙනුවෙන් අල්ලස් කොමිසමට ආ සී.බී - ඇතුළට දාලා ඔයිට වැඩිය දේවල් කළා
01:47
Video thumbnail
වෙළෙඳසැලකට කඩා පැන ලක්ෂ ගාණකට ෂොට් එක දුන් සොරා
01:48
Video thumbnail
කංජිපානිගේ සහ පලනි රිමෝෂන්ගේ ගෝලයෝ දෙන්නෙක් කොටුවෙයි
01:48
Video thumbnail
කොල්ලූපිටියේ නිවාස සංකීර්ණයක් රත් කළ වෙ#ල්ල
01:07