spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත අද විවාදයට

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව අද (19) පෙරවරුවේ රැස්වීමට නියමිතයි.

එහිදී මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනීමට නියමිත බවයි වාර්තා වුණේ.

ඒ, අනුව අද (19) උදෑසන 10.30 සිට පස්වරු 5.00 දක්වා මෙම පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිත බවයි පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක සඳහන් කළේ.

පසුගිය 17 වනදා පැවති අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ දී එම විවාදය මසකින් කල් දැමීමට තීරණය කළ ද, ඊයේ (18) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත අද දිනයේ විවාදයට ගැනීමට තීරණය කෙරුණා.

පස්වරු 5.00 දක්වා පැවැත්වෙන විවාදයෙන් අනතුරුව ඊට අදාළ ඡන්ද විමසීම පැවැත්වීමට ද නියමිතව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?