මැතිවරණ කොමිසම අද රැස්වෙයි

මැතිවරණ කොමිසම අද (16) පෙරවරු 10.30ට රැස්වීමට නියමිත බව මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා පවසනවා.

මුදල් අමාත්‍යාංශය පළාත් පාලන මැතිවරණ පැවැත්වීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන මෙතෙක් නිදහස් නොකිරීම හමුවේ ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී දැඩි අවධානයක් යොමු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මේ අතර ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා අවශ්‍ය මුදල ප්‍රතිපාදන ලබා දෙන්නැයි, ඉල්ලමින් මහා භාණ්ඩාගාරයට යළිත් ලිපියක් යොමු කළ බව රජයේ මුද්‍රණාලය සඳහන් කළා.

මුදල් ප්‍රතිපාදන නොලැබීම හේතුවෙන් පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේ කටයුතු මෙතෙක් ආරම්භ කර නොමැති බවට මැතිවරණ කොමිසම දැනුවත් කිරීමටයි රජයේ මුද්‍රණාලය තීරණය කර ඇත්තේ.

රජයේ මුද්‍රණාලාධිපති ගංගානි කල්පනා ලියනගේ මහත්මිය සඳහන් කළේ, අද දිනයේ අදාළ දැනුම්දීම ලිඛිතව සිදුකිරීමට බලාපොරොත්තු වන බවයි.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබාදෙන ලෙස රජයේ මුද්‍රණාලය මහ භාණ්ඩාගාරයෙන් ඉල්ලීමක් කර තිබුණා.

එහෙත් අදාළ ඉල්ලීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති බවයි ගංගානි කල්පනා ලියනගේ මහත්මිය සඳහන් කළේ.

මැතිවරණ කොමිසම විසින් පළාත් පාලන මැතිවරණය සඳහා ප්‍රතිපාදන වෙන් කරමින් සිදුකර තිබු දැනුම්දීමට අනුව පෙරේදා දිනයේ ද ඊට අදාළ මුදල් ප්‍රතිපාදන ලබාදෙන ලෙස මහ භාණ්ඩාගාරයෙන් ඉල්ලීමක් කළ බව මුද්‍රණාලාධිපතිනිය සඳහන් කර තිබෙනවා.

පළාත් පාලන මැතිවරණයේ කටයුතු ආරම්භ කිරීම සඳහා අවම වශයෙන් රුපියල් මිලියන 200ක මුදලක් අවශ්‍ය බවයි රජයේ මුද්‍රණාලාය දැනුම් දී ඇත්තේ.

මුදල් ප්‍රතිපාදන ලැබී දින 06ක් ඇතුළත තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර ලබාදීමට හැකි වන බවත් මාසයක් තුළ අනෙක් සියලු මුද්‍රණ කටයුතු සිදුකිරීමට හැකි බවත් දන්වමින් මැතිවරණ කොමිෂන් සභාවට ලිඛිත දැනුම්දීමක් අද දිනයේ සිදුකරන බව ගංගානි කල්පනා ලියනගේ මහත්මිය වැඩිදුරටත් සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි පුද්ගලයෙක් එළොව යයි
01:45
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි
00:22
Video thumbnail
අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:20
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි - මෙහෙයුමේ දර්ශන මෙන්න
00:26
Video thumbnail
වත්මන් රජයේ පුනර්ජනනීය බලශක්ති විනාශ කිරීමේ ප්‍රතිපත්තිය සජිත් IMF නියෝජිතයන්ට පෙන්වා දෙයි
04:59
Video thumbnail
සංතෝෂමට වැඩිය ආත්ම තෘප්තියක් ලබා ගන්න පුළුවන් කරපු සේවයෙන් - පැයගාන වැඩ කරලා ගියට වැඩක් නෑ
05:32
Video thumbnail
අපරාධ කරපු නිලධාරින් පොලිසියේ තියා ගන්නේ නෑ..තනතුර අදාළ නෑ - පොලිස්පති සැරවෙයි
05:51
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28