spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මැතිවරණ කටයුතුවලට ආශීර්වාද ගන්න බැසිල් දළදා මාළිගයට

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද (24) උදෑසන මහනුවර ශ්‍රී දළදා මාළිගාව වෙත පැමිණ දළදා වහන්සේ වැඳ මැතිවරණ කටයුතු ආරම්භ කිරීමට ආරශිවාද ලබා ගත්තා.

එහිදී මාධ්‍ය වෙත දහස් දක්වමින් හිටපු අමාත්‍යවරයා සඳහන් කළේ මෙවර පළාත් පාලන මැතිවරණයේ දී පළාත් පාලන ආයතන 252ක් වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තනිව තරග කරන බවයි.

“අපි පළාත් පාලන ආයතන 252ක ඍජුව පොහොට්ටුව ලකුණින් තරග කරනවා. තව කිහිපයක් තියෙනවා විවිධ ලකුණුවලින්. යාපනය එහෙම තරග වදින්නේ වීණාවෙන්, නැගෙනහිර මඩකලපුව තරග වදින්නේ බෝට්ටුවෙන්, අශ්වයාගෙන් තරග වදිනවා. තේ දල්ලෙන් තරග වදිනවා. ඔක්කෝම 340ක් තියෙනවා නේ.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?