මැතිවරණය වෙනුවෙන් කොමිසමට මිලියන 100ක්

ඉදිරි පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය කටයුතු සිදු කිරීම සඳහා මහා භාණ්ඩාගාරය විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත රුපියල් මිලියන 100ක මුදලක් ලබාදී තිබෙනවා.

කොමිසම වෙත එම මුදල් ලැබී ඇති බවටයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක තහවුරු කළේ.

මාර්තු 9 වැනිදා සැලසුම් කළ පරිදි මැතිවරණය පැවැත්වීමේ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යමින් සිටින බවද ඔහු ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළා.

මේ අතර මෙවර පළාත් පාලන මැතිවරණයට අදාළව තැපැල් ඡන්ද සලකුණු කිරීම ලබන 22, 23 සහ 24 යන දිනවල සිදු කිරීමට නියමිතයි.

සුදුසුකම් ලත් සියලුම අයදුම්කරුවන්ට මෙම දින තුනේදී තම සේවා ස්ථානවල තැපැල් ඡන්ද සලකුණු කළ හැකි බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළා.

එම දින තුනේදී කිසිවකුට හෝ තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වුවහොත් මේ මස 28 වැනිදා දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් ඉදිරියේ තැපැල් ඡන්ද සලකුණු කිරීමට ඡන්ද දායකයින්ට හැකියාව ලැබෙනවා.

මේ අතර තැපැල් ඡන්ද අයදුම්පත් 36,000ක් පමණ ප්‍රතික්ෂේප වී ඇති බව ද කොමසාරිස් ජනරාල්වරයා තහවුරු කළා.

මේ අතර පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම පෙබරවාරි 19 වැනිදා ආරම්භ වනවා.

අධිකරණයේ නඩු පැවතිය ද පළාත් පාලන මැතිවරණයට සූදානම් වීමට තමන්ට නීතිමය බාධාවක් නොමැති බවයි සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ.

එබැවින් ප්‍රකාශිත පරිදි මාර්තු 9 වැනිදා මැතිවරණය පැවැත්වීම සහතික කිරීමට කොමිසම සහ අනෙකුත් මැතිවරණ මහලේකම් කාර්යාල නිලධාරීන් කටයුතු කරමින් සිටින බවද කියා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නිකවැරටිය ජන රැලිය
00:00
Video thumbnail
අනුර ලවා මහින්දගෙන් පළිගන්නවා - අනුරගේ ආණ්ඩුව සුද්දගේ ආණ්ඩුවට වඩා නරකයි
06:53
Video thumbnail
ඥානසාර හිමියන් නිදහස් කරන්න කියලා පානදුර මිනිස්සු අත්සන් තබයි
00:47
Video thumbnail
ජනාධිපතිතුමා, ඔයා බබා - සිවුරක් ගලවලා මුළු රටම කැලඹිලා
02:06
Video thumbnail
ලයිසන් එක ඉල්ලුවාම මට ග#න්න එනවා - මට ඕනේ මගේ ලයිසන් එක
02:13
Video thumbnail
සුඛෝපභෝගී බස් රථයක් මහ පාරේ ගිනිගෙන අළුවෙයි
01:43
Video thumbnail
සිවුර ගැලවීමට විරුද්ධව භික්ෂූන් වහන්සේලා විරෝධතා පාගමනක
01:22
Video thumbnail
ඥානසාර හිමි වෙනුවෙන් මහා සංඝරත්නය පාරට බහී
03:53
Video thumbnail
වැඩබලන අටමස්ථානාධිපති බැහැදකින්න අගමැතිතුමිය එක්ක වසන්තත් යයි
02:02
Video thumbnail
බොරු පැමිණිලි ඇත්ත කරන්න ආණ්ඩුව රාජ්‍ය බලය පාවිච්චි කරනවා
05:38