spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මැතිවරණය ගැන තීරණය ලබන සතියේ

පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් කොමිෂන් සභාවේ නිල තීරණය ලබන සතියේ ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා පැවසුවේ අධිකරණ තීන්දුව මත මැතිවරණය සම්බන්ධයෙන් වන කොමිෂන් සභාවේ පියවර, තීරණය වන බවයි.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ලබන 22, 23, 24 සහ 28 යන දිනවල පැවැත්වීමට තිබූ තැපැල් ඡන්ද සලකුණු කිරීම එම දිනවල සිදු නොකරන බව මැතිවරණ කොමිසම ඊයේ නිල වශයෙන් දැනුම් දුන්නා.

නැවත තැපැල් ඡන්ද සලකුණු කිරීමේ දිනය පසුව දැනුම් දෙන බවයි ප්‍රකාශ කෙරුණේ.

මේ අතර පවතින ආර්ථික දුෂ්කරතා යටතේ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා මුදල් ලබාදීම අසීරු බව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා මැතිවරණ කොමිෂන් සභාවට ඊයේ දැනුම් දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?