මැතිවරණයේ ඇප මුදල් අවභාවිතා කරන බව පවසමින් හිමිනමක් මැතිවරණ කොමිසමට

මොරටුව ස්වාධීන කණ්ඩායම් අංක 1 න් ඇප තැන්පත් කළ පුජ්‍ය  පදලංගල සමිත හිමියන්  අද පස්වරුවේ  මැතිවරණ කොමිසම වෙත පැමිණියා.

ඒ තමන් මැතිවරණය වෙනුවෙන් තැන්පත් කළ ඇප මුදල් රජය අවභාවිතා කරන බව පවසමින්.

මැතිවරණය සඳහා රුපියල් බිලියන 10ක් රජය වෙන් කර ඇති බැවින්, තමන්ගේ මුදල් අවභාවිතා නොකරන ලෙසට සහ එසේ වුවහොත් සියලු අපේක්ෂකයන් රැගෙන කොමිසමට පැමිණෙන බවයි උන්වහන්සේ මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ.