කුරිරු එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජයට පත්කර ලබාගත් යුද ජයග්‍රහණයට අදට වසර 16ක් සපිරෙනවා.
මෙම කුරිරු ත්‍රස්තවාදය නිමා කිරීමට සේනාධිනායකත්වය ලබාදුන් පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ යුද ජයග්‍රහණය පිළිබඳව විශේෂ සටහනක් සිය ෆේස්බුක් ගිණුමට එක්කර තිබෙනවා.
ලොව මිලේච්ඡතම ත්‍රස්තවාදය සහමුලින් නැති කරමින් මෙරට සෑම පුරවැසියෙකුටම මාතෘ භූමියේ සෑම බිම් අඟලකම මර බියෙන් තොරව ආරක්ෂිතව සහ සමාන අයිතිවාසිකම් සහිතව ජීවත් විය හැකි රටක් නිර්මාණය කිරීම දශක ගණනාවක් පුරා අප සැම රටක් ලෙසින් සාමූහිකව දුටු සිහිනයක් බවයි හිටපු ජනාධිපතිවරයා පවසන්නේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමාජ මාධ්‍ය එක්කළ එම විශේෂ සටහන පහතින්.
“ඔබ දැනටමත් දන්නා පරිදි, අපේ මාතෘ භූමිය බෙදුම්වාදී ත්‍රස්තවාදී ග්‍රහණයෙන් සම්පූර්ණයෙන්ම නිදහස් කරගෙන අවසානයි. ශ්‍රී ලංකාවේ සෑම බිම් අඟලක් තුළම මෙතැන් සිට ක්‍රියාත්මක වන්නේ මේ උත්තරීතර පාර්ලිමේන්තුව විසින් සම්මත කෙරෙන නීති පමණි….”
සිංහ ධජය යටතේ එක්සේසත් කළ අභිමානවත් ඒකීය රටක, 2009 මැයි 19 වන දින ජනතා නියෝජනයේ සංඛේතය වූ උත්තරීතර පාර්ලිමේන්තුවේ සිට පාර්ලිමේන්තු සිව්වන සැසියේ ආරම්භක දේශනය පවත්වමින් විජයග්‍රාහී දේශයක ඔබේ ජනාධිපතිවරයා සහ සේනාධි නායකයා වශයෙන් සිදු කරන ලද ඉහත ප්‍රකාශය මා හට කිසිදා අමතක නොවේ.
ලොව මිලේච්ඡතම කුරිරු ත්‍රස්තවාදය සහමුලින් නැති කරමින්, මේ රටේ සෑම පුරවැසියෙකුටම මාතෘ භූමියේ සෑම බිම් අඟලකම මර බියෙන් තොරව, ආරක්ෂිතව සහ සමාන අයිතිවාසිකම් සහිතව ජීවත් විය හැකි රටක් නිර්මාණය කිරීම දශක ගණනාවක් පුරා අප සැම රටක් ලෙසින් සාමූහිකව දුටු සිහිනයකි. ජනතා නායකයෙකු ලෙස පෞද්ගලිකව මා ද දුටු සිහිනයකි.
2005 වර්ෂයේදී මා ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන විට ත්‍රස්තවාදීන් උතුරු නැගෙනහිර පළාත්වල නව රාජ්‍යකට අවශ්‍ය එල්.ටී.ටී.ඊ. පරිපාලන මධ්‍යස්ථාන ගොඩනගා තිබුණි. ත්‍රස්තවාදීන් යුධ, නාවික, ගුවන් බලයෙන් සන්නද්ධව අපේ මාතෘ භූමියෙන් තුනෙන් එකක් සහ එහි වෙරළ තීරයෙන් කොටසක් තම පාලනයට නතු කරගෙන සිටියහ. උතුරේ දෙමළ භාෂාව කතා කරන අපේම ජනතාව බිය ගන්වා ප්‍රාණ ඇපයට තබා ගනිමින් කප්පම් ද, අසාධාරණ ලෙස බදු ද උපයමින් තිබිණි. තරුණ තරුණයින් ද, පාසල් වයසේ කුඩා දරුවන් ද බලහත්කාරයෙන් තම හමුදා වෙත බඳවා ගැනීමට කටයුතු කරමින් සිටි ත්‍රස්තවාදීන් ආර්ථික මරමස්ථාන, ආගමික ස්ථාන හා දේශපාලන නායකයන් ඇතුළු සිවිල් ජනතාව ඉලක්ක කර ගනිමින් රට පුරා ප්‍රහාර දියත් කර තිබුණි. අවසානයේ ජනතාවගේ පිපාසය සන්සිඳවූ, කුඹූරු අක්කර දහස් ගණනක් අස්වැද්දූ ජල පහර පවා වසා දමමින් තම අන්තවාදී ත්‍රස්තවාදයේ කුරිරුබව ලොවටම පෙන්වා දෙන්නට තරම් ප්‍රාථමික විය. උපන් බිමත්, එහි උපන් මගේ ජනතාවගේ ප්‍රාණය නිරුද්ධ සිරුරු දහස් ගණනක් මතින් ලේ පැහැයෙන් නව සිතියමක් එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් නිර්මාණය කර තිබුණි.
ලෝකයේ බලවත්ම රාජ්‍යන් පවා ත්‍රස්තවාදයට බියවද්දී , එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවදයට එරෙහිව ප්‍රතිවාර දැක්වීමට මම තීරණය කළෙමි. ඒ මානුෂීය මෙහෙයුමකිනි. එල්.ටී.ටී.ඊ්. ත්‍රස්තවාදීන් 1975 දී යාපනය නගරාධිපති ඇල්ෆ්‍රඩ් දුරෙයිඅප්පා ඝාතනය කිරීමට භාවිත කළ තුවක්තුවේ සිට පුදුමාතලන් ප්‍රදේශයෙන් බේරී පලා යෑමට තැත් කළ සියලුම අහිංසක ශ්‍රී ලාංකික ජනතාව දක්වාම එල්ල කළේ අවි ආයුධ පමණි. අපි ඔවුන් බේරා ගත්තෙමු. ඔවුන්ට නිදහස් රටක් ලබා දුන්නෙමු. අප කළේ දෙමළ ජනතාවට එරෙහි යුද්ධයක් නොවේ. දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා රටේ සියලුම ජනතාව අපේ ජනතාවයි. මගේ ජනතාවයි. අපගේ අරමුණ වූයේ මේ රටේ සිවිල් වැසියන්ගේ ජීවිත ආරක්ෂාකර ගැනීමයි. වීරෝදාර යුධ සෙබළුන් යුද්ධ කළේ තුවක්කු බර දෑතින් දරාගෙන, මානව අයිතීන් රැකීමේ බර හිසින් දරාගෙන සහ මනුෂ්‍යත්වයේ බර හිතින් දරාගෙනය. ලොව සිටින අංක එකේ මානුෂීය හමුදාවේ සේනාධි නායකයා වූ මා යුද්ධය අවසන් වී වසර 16ක් ගෙවීයන අද දිනයේදී ද ඔවුන් වෙනුවෙන් ලෝකය සමඟ දේශපාලනිකව යුධ වදිමි.
පසුගිය දිනක කැනඩාවේ බ්‍රැම්ප්ටන් නගරයේ ඊලාම් සිතියම නිරූපිත දෙමළ ජන සංහාර ස්මාරකය විවෘත කිරීම, එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය අවසන් වී දීර්ඝ කාලයක් ගත වී ඇති මෙවැනි කාල වකවානුවක පවා ත්‍රස්තවාදයේ අඳුරු සෙවනැලි තව දුරටත් ක්‍රියාත්මක බව පෙන්වන අවාසනාවන්ත සිදු වීමකි. එම අවස්ථාවේදී බ්‍රැම්ප්ටන් නුවර නගරාධිපති විසින් දෙමළ මිනිසුන් දහස් ගණනක් ශ්‍රී ලංකා රජය විසින් ඝාතනය කළ බවට දරුණු චෝදනාවක් අප රටට එල්ල කළේය. එවකට සිටි රාජ්‍ය නායකයා වශයෙනුත්, සේනාධි නායකයා වශයෙනුත් පදනම් විරහිත එම චෝදනා මා තරයේ ප්‍රතික්ෂේප කරමි. දෙමළ සිවිල් වැසියන් එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ගේ ප්‍රාණ ඇපකරුවන් බවට පත්ව සිටි අවස්ථාවක, දෙමළ සිවිල් වැසියන් මිනිස් බෝම්බ බවට පත් කර තිබූ අවස්ථාවක යූධ පිටියට ගොස් ප්‍රාණ ඇපකරුවන් මුදා ගනිමින් සිදු කරන ලද අති මානුෂීය මෙහෙයුම් ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව ලොව දක්ෂතම හා විනයගරුකම හමුදාව බවට පත් කළහ. එදා තම ජීවිත බේරා ගත් දෙමළ ජනතාව හෘද සාක්ෂියට එකඟව මෙයට සාක්ෂි දරනු ඇති බව මම විශ්වාස කරමි. බිම් බෝම්බ පුපුරා යද්දීත්, තුවක්කු උණ්ඩ ලය මතට එල්ල කර තිබියදීත්, විෂ වායු ප්‍රහාරයන්ට ලක් වද්දීත්, ෂෙල් වෙඩි වැටෙද්දීත් අපේ රණවිරු දරුවන් වර්ග වාදයකින් තොරව මහපොළවේ සැමට සමාන අයිතියක් වෙනුවෙන් සටන් වැදුණි. එවන් ධෛර්යය සම්පන්න වීරෝධාර හමුදාව කිසි දිනෙක මානව හිමිකම් කඩ කිරීමක් හෝ යුධ අපරාධයක් සිදු නොකළ බව මම තරයේ අවධාරණය කරමි. ශ්‍රී ලංකා හමුදාව පරාජය කරනු ලැබුවේ එක්සත් ජනපදයේ එෆ්.බී.අයි. ආයතනය පවා ලෝකයේ දරුණුතම ත්‍රස්තවාදී සංවිධානය ලෙසට 2008 වර්ෂයේ නිල වශයෙන් නම් කරන ලද සංවිධානයි.
සටන් අපට නුහුරු නුපුරුදු දෙයක් නොවේ. එහෙත් සටන සම්බන්ධයෙන් ස්වයං විනයක් අප සතුව ඇත. සටන් වැදිය යුත්තේ කුමකට එරෙහිව ද යන්න අප හොඳින් තේරුම් ගෙන ඇත. අප රට දුටුගැමුණු, වළගම්බා, ධාතුසේන සහ විජයබාහු ආදී මහා රජවරුන් සතුරු ආක්‍රමණ පරාජය කර වීරත්වය තහවුරු කළ රටකි. දාඨිය, පලයමාර සහ එළාර වැනි ආක්‍රමණිකයන්ට එරෙහිව සටන් කළ රටකි. ලෝකයේ අධිරාජ්‍යන් ස්ථාපිත කළ පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසින්ට විරුද්ධව සටන් කළ හෙළ සටන්කාමීන් සිටි රටකි. අධිරාජ්‍යවාදයට එරෙහිව වීරත්වයෙන් සටන් කළ සංඝ පරම්පරාවක් ද කැප්පැටිපොළ සහ වීර පුරන් අප්පු වැනි වීරවරුන් ද සිටි රටකි. දශක තුනක් පුරා පැවති අමිහිරි යුද්ධයක් අවසන් කරමින් වීරෝදාර රණවිරු දරුවන් දහස් ගණනකගේ ජීවිත පුදා රැකගත් රටකි. මා දණින් වැටී නමස්කාර කළේ අපේ වීරෝදාර රණවිරු දරුවන් දහස් ගණනකගේ ජීවිත පූජාකර රැකගත් ඒ උතුම් නිදහස් මාතෘ භූමියයි. මින් ඉදිරියටත්, මා ජීවත්ව නොසිටින දිනක දී වුවත් අප සැමගේ මාතෘ භූමිය ස්වෛරීය රාජ්‍යක් ලෙසින් එක සිංහ ධජයක් සෙවනේ පවතීවා! යන්න මගේ එකම ප්‍රාර්ථනයයි.
එවන් ඒකීය රටක් වෙනුවෙන් මින් වසර 16කට පෙර යුධ බිමේ රුධිරය වගුරුවා ඇස්, ඉස්, මස් දන් දී අවසානයේ තම හුස්ම පවා රට වෙනුවෙන් කැප කළ වීරෝදාර යුධ, ගුවන්, නාවික, පොලිස් හා සිවිල් ආරක්ෂක බලකායේ දරු දැරියන්ව ද, අප වෙනුවෙන් අහිමි කර ගත් දෑත් දෙපා නිසා අබාධිත තත්ත්වටය පත්ව සිටින සියලුම රණවිරු දරු දැරියන්ව ද, විජයග්‍රාහී ගමනක පෙරමුණ ගත් එවකට ධූරයන් හෙබවූ ආරක්ෂක ලේකම්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුධ, නාවික, ගුවන් හමුදාපතිවරුන්, පොලිස්පති තුමන්, සිවිල් ආරක්ෂක බලකා ප්‍රධානී ඇතුළු සියලුම නිලදරුවන් ද මම ගෞරවයෙන් සිහිපත් කරමින් ආචාරය පුද කරන්නෙමි. එවන් නිර්භීත දරුවන් බිහි කරමින් තම මව්බිම වෙනුවෙන් සංග්‍රාම භූමියට යන්නට නියත විවරණ දුන් මව්පියවරුන්ද, අපමණ කැපකිරීම් කළ බිරින්දෑවරුන් ද, ස්වාමිවරුන් ද මම ඉතා ගෞරවයෙන් සිහිපත් කරමි. පැවති සංකීර්ණ දේශපාලන, ආර්ථික හා සාමාජයීය තත්ත්වයන් මැනවින් තේරුම් ගනිමින් සියල්ල ඉවසා සහයෝගය ලබා දුන් සියලුම ශ්‍රී ලාංකික මගේම ජනතාවට ද මාගේ ප්‍රණාමය පුද කරමි.
රට වෙනුවෙන් දිවි පිදූ තම දරුවාගේ නම රණවිරු ස්මාරක නාම පුවරුවෙහි වියපත් ෑසින් සොයන මව් වරුන්ද , පිය වරුන් ද මම දැක ඇත්තෙමි. නිල ඇඳුම ඇඳගත් රණවිරුවා මාතෘ භූමියේ අභිමානය වනවා සේම කිසි දිනෙක මිය නොයනා බව මම විශ්වාස කරමි.
මහින්ද රාජපක්ෂ
පස්වන විධායක ජනාධිපති














Honestly, we agree that you saved our motherland. But it doesn’t mean that you can rape her with your family gang because you rescued her. Just look back at what you have done to her afterward. You should have remained a national hero with your pride if you had the brain to save your dignity and respect. Saving the country is your responsibility, and destroying it is about your failure. All what you can do is talk about your leadership in the war but you don’t talk damn thing about what you have done after the war. Shame on you, former president. You failed us.
ඔහු ජනතාවට කල සේවය කැපකිරීම් අමතක කර අද ඔහුට පල් හොරා, උගන්ඩා ඩොලර් හොරා, වැනි නින්දිත මුසා පවසමින් අපහාස කරන ජනතාවක් ඇත. ඔහු සිංහලයෙකි. ඔහු නිදහස් කලේ සිංහල, මුස්ලිම්, ද්‍රවිඩ යන ත්‍රිවිධ ජාතීන්ට නිදහසේ ජීවත් විය හැකි නිසාහසකි. මෙයට අදටත් ගරු කරන සුළු කොටසක් ඇත. ඔවුන් අතර සිංහල ජාතියේ පිරිසක් ඇත. අනික් ද්ව ජාතීන්ගේද සුළු කොටසක් එම කැපකිරීමට ගරු කරන කොටසක් ඉන්න බව. ඔවුන්ට පළමුව හිස නමා ආචාර කරමු. ඔවුන්ට තර්කානුකුල දැනුමක්, බුද්ධියක්, සහ සදාචාරයක් ඇති බව අගයමු. අද අපට එම පාරශ්වය තව තවත් වැඩි කරගෙන කඹ ඇදගෙන. දේශපාලනයක නිරත වීමට කිසි අවශ්‍යතාවයක් නැත. එහෙත් නොදන්නා අයෙකුට අවශ්‍ය නම් අතීතය අධ්‍යනයකර තමාගේ පිළිගැනීම තමාගේ බුද්ධියට අනුව සංස්කරණය කරගත හැක.
එහෙත් සිංහල ජාතිය හැරුණු විට මුස්ලිම් සහ ද්‍රවිඩ ජාතීන්ටත් ඔවුන්ගේම න්‍යාය පත්‍රයක් ඇත. නමුත් අදටත් ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව 100% සිංහලජාතියේ අභිමාතාර්ථය සහ බෞද්ධාගමේ ඒකාධිපතිත්වය මත විය යුතුය. මෙය වෙනම රටකි. එවන් පරිසරයකද සිංහල දමිළ සහ කතෝලික ජනතාවට ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ලබාදී ඇත. ඔවුන්ට සියලු අයතිවාසිකම් භුක්තිවිදීමේ නිදහස ලබාදී ඇත. එහෙත් ශ්‍රී ලංකාවේ දේශපාලන කදවුරු බොහෝ ඇත. ඒ සෑම එකකින්ම මෙම ස්ථාවරය ආරක්ෂා වෙන්නේ නැත. ඒ ඒ පක්ෂයේ රාජ්‍යකාලය තුල රටේ ඇතිවන වෙනස්කම් සහ ගැටළු දෙස බලන සිහිනුවණ ඇත්තෙකුට එය වටහාගත හැක. ඒ අනුව ජනතාව පත්කරන දේශපාලන කදවුර මත රටේ අනාගතයේ නිවහල් බව ආරක්ෂාව රැදී පවතී.
ඒ අනුව අද වන විට ඇතිවී ඇති සමාජ ව්‍යසනය දෙස බැලීමේදී දේශපාලන කදවුරු වෙනස් වීම සහ විවිධ බලපෑම් නිසා රට අස්ථාවර දිශාවකට ගමන් කරනු පෙනේ. මේ වෙනස ඇතිකර ඇත්තේ ලක්ෂ 22ක ජනතාව විසිනි. එය නියෝජනය කරන සිංහල දමිළ මුස්ලිම් ජනතාව විසිනි. රටේ එම ත්‍රිත්වයේම ජීවිත කුරිරු ත්‍රාස්වාදයෙන් මුදාගැනීමට එදා ජානාදිපති ලෙස රාජපක්ෂ ව්‍යවස්ථානුකූලව කටයුතු කර ඇත. ඔහු සිංහලයෙකි. එහි අධීනව ලෙස අද ඔවුන්ට විවිධ බලපෑම් මගින් ජාත්‍යන්තරය තුල අසත්‍ය වපුරා විශාල විරුද්ධතාවයක් ගොඩ නගා ඇත. එම විරෝධතාවයට ගුණමකුලෙස අනුබල දුන් සියලු සිංහල ජනතාවට දෙවියන්ගේ සහ විශ්වයේ සියලු පෙනෙන නොපෙනෙන බලවේගවල ආශීර්වාදයෙන් සාපයක්ම වේවා. ඔවුන්ගේ පවුල් පිටින් මිහිපිටින් සුනේ සුන්නත්දූළීවී විනාශවී හෙන පිට හෙන වැදෙමින් කාබාසිනියාවෙමින් පණපිටින් වැලලී යත්වා. ඔවුන්ගේ උප නූපන් දරුවන් පවා මෙම සාහාසික සාපයෙන් විනාශයෙන් විනාශයට පත්වෙවා.
අපට අන්‍ය ජාතීන්ට වරදක් කිව නොහැක. ඔවුන්ට වෙනම සංස්කෘතියක් සහ නිදහසක් ඇත. ඔවුන් කල දේට යැදීම එම නිසා යුක්ති සහගත නැත. ලොව පුරා සිටින මුස්ලිම් ජාතිකයන් අතරත් ලොව සෑම ජාතියකටම හොදින් සලකන ජනතාවක් සිටින බව දනිමු. සිංහල ජාතිකයන්ටද ඉතා මානුෂිය ලෙස උදව් උපකාර කරන ඉස්ලාම් ජාතිකයන් සිටිති. ලොවපුරා ඉතා මානුෂික ලෙස කරුණාව දක්වන ද්‍රවිඩ ජනතාවද ඇති බව දනිමු. මේ බව පැහැදිලි ලෙස වටහා ගන්නා ලෙස අප ඔවුන්ගෙන් අපේක්ෂා කරමු. ශ්‍රී ලංකාවේ අනන්‍යතාවයට ගරු කරමින් ශ්‍රී ලාංකීය පුරවැසියන් ලෙස ඉදිරියටත් කටයුතු කිරීමට ඔවුන්ට අප ආරාධනා කරන්නෙමු. සිංහල අධිරාජ්‍යවදය ශ්‍රී ලංකාවේ තවතවත් තහවුරු කල යුතුය. අප ශ්‍රී ලංකාවෙන් පිටත ලොව වෙනත් කිසිදු රටක බලය අපේක්ෂා කරන්නේ නැත. එම නිසා ද්‍රවිඩ මුස්ලිම් කතෝලික සහ හින්දු ජාතිකයන් ලංකාවේ අධිරාජ්‍ය සිහින මැවීම යුක්ති සහගත නැත.
ඔව් ඔහු යුද්ධය ඉවර කළා. ඒ වෙනුවෙන් ඔහු, ජනාධිපතිවරයෙක් විසින් සිදුකළ යුතු දේ කලා ඒ් අවස්ථාවේ. හැබැයි අපි හිතුවෙ යුද්ධන නිමාවීමෙන් පසු, යුද්ධයට වියදම් වන මුදල් රටතුළ ඉතිරි වී රට දියුණු වෙයි කියා. ඒත් සිදුවූයේ කවුරුත් නොසිතූ පරිදි, ජනාධිපති ප්‍රමුඛ පවුල සහ හිතවතුන් එකතු වී රට නැවත ගොඩගැනීමට අමාරු වෙන තරම් හොරා කෑවා. ඒකයි මිනිස්සු කියන්නෙ, යුද්ධය තිබුණ නම් හොඳයි වගේ කතා. ඇත්ත. මේ තරම් අමාරුවෙන් ජීවත් වුනේ නෑ මිනිස්සු යුද්ධය තිබුණ කාලෙ වත්. (යුද්ධය සාධාරණීකරණය කරනවා නොවෙයි)
ඒ කාලෙ කිව්වේ මහපොළොව සිපගත්තා කියලා. 😂😂
රට පවූලම එකතූ වෙලා බංකොලොත් කළාට පස්සේ (උපරිම අධිකරණයෙ තින්දූව අනූව ) මිනිහා ඉම්බෙ මෙකක්ද දන්නෙ නැහැ දෙවන ලෝක යුධ සංග්‍රාමය දින්න වින්සන් චර්චිල්වත් එංගලන්තය ජනතාව පැරැද්දුවා නමි
යූද පිටියෙ හිටපූ හමූදාපති හිරෙ යවපූ A/L විද්‍යාව නැති පූතා නාවික හමුදාව ගත්ත තාත්තා ඉබින්න ඕනෙ මොකක්ද?
අපිට නම් දැනගන්න ලැබුනේ උඔට ලබ්බ තිබ්බ වගේ ප්ලේන් එකේ වාඩිවෙලා ඇවිල්ල පඩයක් යවාගන්න විදියක් නැතුව ඉඳල බැස්ස ගමන් පස්ස උඩ දාගෙන ඒ වැඩේ කරා කියල ..
කපුටා තමයි කිව්වෙ අපේ හාල්දුරුවනේ..