මාසයකට පෙර මියගියා යැයි සැක කෙරෙන අබිරහස් මරණයක් වනබිමකින්

අබිරහස් ලෙස මිය ගොස් ඇති අයෙකුගේ ඇට සැකිල්ලක කොටස් කිහිපයක් වනාන්තරයක තිබී සොයාගෙන තිබෙනවා.

මෙම සිදුවීම වාර්තා වන්නේ; හලාවත – මාදම්පේ, පනිරෙන්දාවේ පිහිටි වන බිමකින්.

වන සංරක්ෂණ දෙපර්තමේන්තුවේ හලාවත අඩවි වන කාර්යාලයේ නිලධාරීන් දෙදෙනෙකු අද දහවල් පනිරෙන්දාව වන්තරය තුළ නීරීක්ෂණයක යෙදී තිබෙනවා.

ඇට සැකිල්ලේ කොටස් මුලින්ම දැක ඇත්තේ එම අවස්ථාවේදීයි.

පසුව මේ බව මාදම්පේ පොලීසියට දැනුවත් කිරීමෙන් අනතුරුව විමර්ශන කටයුතු ආරම්භ කර ඇත තිබෙනවා.

මාදම්පේ – විලත්තව මාර්ගයේ ඇති පනිරෙන්දාව වනාන්තරයේ ප්‍රධාන මාර්ගයේ සිට මීටර් 125 ක් පමණ දුරක කැලෑව තුළට වන්නටයි ඇට කටු තිබී හමුව ඇත්තේ.

මිය ඇති අයගේ හිස් කබල, පසු පෙදෙසේ කොටසක් සහ තවත් ඇට කැබලි කිහිපයක් පමණක් අවට තිබී හමු ව තිබෙනවා.

ඊට අමතර ව කළු පැහැති දිග කලිසමක්, සුදු පැහැති ටී ෂර්ට් එකක්, රබර් සෙරප්පු දෙකක් සහ කුඩා ගමන්
බෑගයක් ද එම ස්ථානයේ තිබී පොලීසිය විසින් සොයා ගෙන ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු ජූඩ් සමන්ත සඳහන් කළේ.

මෙම මරණය මාසයකට පමණ පෙර සිදු වන්නට ඇති බවට පොලිසිය සැක පළ කරනවා.

මෙලෙස මියගොස් ඇත්තේ කවුරුන් ද, එම මරණයට හේතුව කුමක්ද යන්න මෙතෙක් හෙළි ව නැහැ.

සිද්ධිය සම්බන්ධයෙන් මාදම්පේ පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51