spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මාව ඉන්දියාවට ගන්න මන්ත්‍රී විමලවීර, මෝදිගෙන් ඉල්ලයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තවමත් නිසි ආරක්ෂාවක් සපයාදී නොමැතිවීම හේතුවෙන් තමා සහ තම පවුලේ සාමාජිකයන් ඉන්දියාවට රැගෙන ගොස් ආරක්ෂාව ලබා දෙන ලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගෙන් ඉල්ලීමක් කරන බව හිටපු රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක පවසනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සපයාදී ඇති ආරක්ෂාව සම්බන්ධයෙන් තමා කිසිසේත්ම සෑහීමට පත් නොවන බවයි මන්ත්‍රීවරයා වැඩි දුරටත් සඳහන් කළේ.

මෙම තත්ත්වය හේතුවෙන් බොහෝ මන්ත්‍රීවරුන් තවමත් සැඟවී සිටින බව පැවසූ මන්ත්‍රීවරයා දේශපාලනයෙන් එක සත පහක් උපයාගෙන නොමැති තමා ඉතා දුක් මහන්සියෙන් හරිහම්බ කරගත් සියලුම දේපළ ම්ලේච්ඡයන් පිරිසක් විසින් සම්පූර්ණයෙන්ම ගිනි තබා විනාශ කළ බව පැවසුවා.

ඒ හේතුවෙන් තමා අද මේ රටේ යන එන මං නැති පුද්ගලයකු බවට පත්ව සිටින බව ද විමලවීර දිසානායක මන්ත්‍රීවරයා සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
17
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?