මාවිල් ආරු බැම්ම බිඳී යාමේ අවදානමක් !

පවතින ආපදා තත්ත්වයත් සමඟ මාවිල් ආරු බැම්ම බිඳී යාමේ අවදානමක් පැවතීම හේතුවෙන් ඒ ආසන්නයේ සිටින ජනතාව වහාම ආරක්‍ෂිත ස්ථානවලට යොමුවන ලෙස දැනුම් දී තිබෙනවා.

බැම්මේ ස්ථාන කිහිපයකින් මෙම අවදානම් තත්ත්වය පවතින බවයි තොරතුරු වාර්තා වුණේ.