spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මාලිමාවේ නිවිතිගල අපේක්ෂකයාගේ මරණය ඝාතනයක් – අනුර කුමාර

ජාතික ජනබල වේගයේ විරෝධතාව අතර තුර මිය ගිය එම පක්ෂයේ නිවිතිගල ප්‍රාදේශීය සභාවේ අපේක්ෂක නිමල් අමරසිරි වෙනුවෙන් සිදුකළ හැකි උපරිම දේ සිදුකිරීමට සූදානම් බව අනුර කුමාර දිසානායක පවසනවා.

අද (28) පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් මුණගැසීමට එම කොමිසම වෙත පැමිණි අවස්ථාවේ දී මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරියේ දී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉරිදිපත් කිරීමට නියමිත බවයි ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ.

ජාතික ජනබල වේගයේ නායක අනුර කුමාර දිසානායක මෙහිදී වැඩිදුරටත් පවසා සිටියේ නිමල් අමරසිරිගේ මරණය ඝාතනයක් බවයි.

ගැටුම්කාරී තත්ත්වයකට වර්ධනය කරමින් මෙය ආණ්ඩුව විසින් සිදුකළ මිනිස් ඝාතනයක් බවයි ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?