මාලදිවයිනට නව ජනපතිවරයෙක්

මාලදිවයිනේ ජනාධිපතිවරණයේ දෙවැනි වටයෙන් විපක්ෂ නායක මොහොමඩ් මුයිසු ජයග්‍රහණය කර තිබෙනවා.

සියයට 54ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත් 45 හැවිරිදි මොහොමඩ් මුයිසු මාලදිවයිනේ මීළඟ ජනාධිපතිවරයා ලෙසට ධුරයට පත් වනු ඇති .

චීන හිතවාදියෙක් වූ මුයිසු, මාලේ අගනුවර නගරාධිපතිවරයා ලෙස ද මීට පෙර කටයුතු කර තිබෙනවා.

ජනාධිපතිවරණයේ දෙවැනි වටයේ දී, මුයිසු සමඟ තරඟ වැදුණු මාලදිවයින ජනාධිපති 61 හැවිරිදි ඊබ්‍රාහිම් මොහොමඩ් සෝලිහ්, පරාජය බාර ගනිමින් මුයිසු ට සුබ පතා තිබෙනවා.

ජනාධිපති ඊබ්‍රහීම් සෝලි ඉන්දීය හිතවාදියෙක් ලෙසටයි සැලකෙන්නේ.

නොවැම්බර් 17 වන දින නව ජනපති පත් වන තෙක් සෝලි භාරකාර ජනාධිපති ලෙස කටයුතු කරනු ඇති.

2018 වසරේ සිට බලයේ සිටින මාලදිවයින් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ 61 හැවිරිදි මොහොමඩ් සෝලිහ් ඉන්දියාව සමඟ සබඳතා ශක්තිමත් කර ගනු ලැබුවා.

ඔහු එය හැඳින්වූයේ “ඉන්දියාව-පළමු” ප්‍රතිපත්තියක් ලෙසටයි.

මාලදිවයින බොහෝ කලක සිට ඉන්දියාවේ බලපෑමට යටත්ව පැවතීම හමුවේ ඉන්දීය සාගරයේ ප්‍රධාන කොටසක් නිරීක්ෂණය කිරීමේ හැකියාව ද දිල්ලියට ලැබී තිබෙනවා.

නව ජනපති ලෙසට තේරී පත්වී ඇති ප්‍රගතිශීලී සන්ධානයේ සන්ධානයේ 45 හැවිරිදි මුයිසු චීනය සමඟ වඩා හොඳ සබඳතාවලට කැමැත්තක් දක්වන අයෙක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමාට යන්න දෙන්නෙත් නෑ - මිනිස්සු අතින් අල්ලාගනී
03:03
Video thumbnail
ඔයාලා කැලවල් අස්සෙනේ හිටියේ..දකින්නේ කොහෙද?
01:39
Video thumbnail
තාත්තයි පුතයි සුපිරි වෙළෙඳසැලක කරපු වංචනික වැඩේ
01:23
Video thumbnail
තිලීපන්ගේ පිළිරුව පොලිසියෙන් ඇවිත් ගලවගෙන යන හැටි
01:02
Video thumbnail
නාවික හමුදාපතිගෙන් සැර කතාවක් - අපගේ කිසිම මෙහෙයුමක් ලිහිල් කරන්නේ නෑ
05:11
Video thumbnail
අතුරු සිදුරු නැතුව වැසුණු ගම්පහ රැළිය
01:04
Video thumbnail
ජනපති අනුර සහභාගී වන ගම්පහ මහා රැලිය
02:58:20
Video thumbnail
උතුරු වෙරළේ කොටුවූ මත්ද්‍රව්‍ය ගැන විශේෂ අනාවරණයක් - මේ මිනිස්සුන්ට කිසිම හිතක් පපුවක් නැද්ද ?
09:04
Video thumbnail
උසාවියට අඩිය තියන්නේ නෑ කියලා හිතපු අයට උසාවියට එන්න වෙලා
02:36
Video thumbnail
ගම්පහ රැළියේ ඇතුළේ ඉඩ මදි නිසා පාරෙත් මහ සෙනඟක් - අතුරු සිදුරු නැතුව වැසුණු ගම්පහ
01:11