මාරාන්තික උපවාසයකට ආ අනධ්‍යයන සේවකයෝ ඇමති බසට කීකරු වී ගෙදර යති

සමස්ත ලංකා අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය සහ ඒකාබද්ධ වෘත්තීය සේවක සංගමය එක්ව වසර කිහිපයක් තිස්සේ නොවිසඳුණු ඔවුන්ගේ සේවක අයිතීන් කිහිපයක් මුල් කරගනිමින් අද (20) ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට දී මාරාන්තික උපවාසයක් ආරම්භ කළා.

එම උපවාස භූමිය වෙත පිවිසි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත ඔවුන්ට එම උපවාසය අත්හැර ඒ පිළිබඳ තමා සමඟ සාකච්ඡා කිරීමට පැමිණෙන ලෙසයි දැනුම්දී ඇත්තේ.

ඒ අනුව, අනධ්‍යයන සේවක සංගම් නියෝජනය කරමින් එහි සභාපති කුමුදු එස් කටපොලු‍ගේ සහ ලේකම් දේශබන්දු මද්දුම බණ්ඩාර අධ්‍යාපන අමාත්‍යවරයා විසින් ම සිය අමාත්‍ය කාර්යාලය වෙත කැඳවා ගෙන යනු ලැබුවා.

සියලු‍ තනතුරුවල සේවයේ යෙදෙන අනධ්‍යයන සේවකයින් මුහුණදෙමින් සිටින ගැටළු රැසක් පිළිබඳ ව මෙහි දී සංගම් නියෝජිතවරුන් විසින් අධ්‍යාපන අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කළ බවයි අධ්‍යාපන අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය පවසන්නේ.

ඒ අනුව ඔවුන්ගේ ගැටළු වෙනුවෙන් විසඳුම් ලබාදීමට විෂය භාර අමාත්‍යවරයා වශයෙන් තමා මැදිහත් වන බව ද අධ්‍යාපන අමාත්‍යවරයා කිය සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46