‘මාර්ග ආරක්‍ෂණ ක්‍රියාකාරී සැලැස්ම 2025 -2026’ ග්‍රන්ථය සහ මාරක රිය අනතුරු 06ක් ගැන වාර්තා පාර්ලිමේන්තුවට

පාර්ලිමේන්තු පුස්තකාලයේ පරිශීලනය සඳහා ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය විසින් සම්පාදිත ග්‍රන්ථ කිහිපයක් පාර්ලිමේන්තු පුස්තකාලය වෙත භාරදීම පසුගියදා සිදුවුණා.

ඒ, අනුව ‘මාර්ග ආරක්‍ෂණ ක්‍රියාකාරී සැලැස්ම 2025-2026’ ග්‍රන්ථය මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ විසින් පාර්ලිමේන්තු නියෝජ්‍ය කාරක සභාපති හේමාලි වීරසේකර වෙත ඇයගේ කාර්යාලයේ දී නිල වශයෙන් පිරිනැමීම සිදු කෙරුණා.

එයට අමතරව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා ගරු අමාත්‍ය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායකගේ උපදෙස් මත, පසුගිය කාලයේ සිදුවූ මාරක රිය අනතුරු 06 පිළිබඳ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් සකස් කරන ලද පරීක්‍ෂණ වාර්තා ද භාරදීම මෙහිදී සිදු වුණා.

2025.09.04 වන දින ඇල්ල – වැල්ලවාය මාර්ගයේ කි. මී. 23 සහ කි. මී. 24 කණුව අතර 24/6 බෝක්කුව ආසන්නයේ දී සිදුවූ මාරක රිය අනතුර
2025.06.21 වන දින බදුල්ල – මහියංගණ මාර්ගයේ තිඹිරිගස්පිටිය ප්‍රදේශයේ දී සිදුවූ මාරක රිය අනතුර
2025.05.11 වන දින නුවරඑළිය – මහනුවර මාර්ගයේ ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී සිදුවූ මාරක රිය අනතුර
2024.11.01 වන දින බදුල්ල – මහියංගණ මාර්ගයේ අඹගහඔය දී සිදුවූ මාරක රිය අනතුර
2023.01.20 වන දින නුවරඑළිය – හැටන් මාර්ගයේ රදැල්ල – සමර්සෙට් විකල්ප මාර්ගයේ සිදුවූ මාරක රිය අනතුර
2020.01.06 වන දින පස්සර – මඩොල්සිම මාර්ගයේ 06 කණුව දළුමඩුව හන්දිය පසුකර මීටර් 200 ක් පමණ මඩොල්සිම දෙසට ගමන් කිරීමේදී හමුවන ප්‍රදේශයේ සිදුවූ මාරක රිය අනතුර යන රිය අනතුරුවලට අදාළ වාර්තා මෙලෙස පාර්ලිමේන්තු පුස්තකාලය වෙත භාරදී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චූලා පද්මේන්ද්‍ර හැරයද්දි මව හැඬූ කඳුළින් කිව්ව දේ - "අනේ එන්නකෝ පුතේ යන්න ගෙදර"
05:03
Video thumbnail
සමුගත් ප්‍රියංකර ගැන කලාකරුවන් තැබූ සංවේදී සටහන් - අන්තිම මොහොතේ හරි මුහුණ දකින්න පුළුවන් වුණා
01:22
Video thumbnail
22 ගැන පෙත්සම් විභාගය අවසන්වී අජිත් එළියට ඇවිත් සැරවෙයි - "මෙතන තියෙන්නේ ප්‍රතිපත්ති ප්‍රශ්නයක්"
02:54
Video thumbnail
රංගන ශිල්පී සංගීතා, සංවේදීවී ප්‍රියංකර ගැන කියූ දේ - වාසනාවන්ත වුණා දිල්හානි වගේ බිරිඳක් ලබන්න
01:09
Video thumbnail
දස මහා යෝධයා - චාමර සම්පත් දසනායක
01:30
Video thumbnail
විපක්ෂයේ ප්‍රබලයෝ හැමෝම එක තැන රැස්වෙයි
01:17
Video thumbnail
සජිත් ශ්‍රේෂ්ඨාධිකරණයට එයි
01:23
Video thumbnail
චීන බහාලුමක් ඇතුලේ තිබ්බ දේ..
02:18
Video thumbnail
ඕක ඩිලීට් කරපන් ඕයි, ෆෝන් එක පොළොවේ ග#නවා
00:39
Video thumbnail
ශිෂ්‍යත්ව විභාගයෙන් කඩඉම් ලකුණු ඉක්මවූ සිසුන් ගණන 56000ක් - වැඩිම ලකුණ 193යි
10:40