මාර්ගයක් ගිලා බැසීමෙන් රිය අනතුරක්

මාර්ගයක් ගිලා බැසීම හේතුවෙන් රිය අනතුරක් සිදු ව තිබෙනවා.

මෙම අනතුර සිදු ව ඇත්තේ ඊයේ (16) රාත්‍රියේ දී වැලිගම – උඩුකාව චාලි මවුන්ට් කර්මාන්ත පුරයේ දී යි.

අනතුරට ලක් ව ඇත්තේ කන්ටේනර් රථයක් බවත් පැවසෙනවා.

අනතුරින් කිසිවෙකුට හානි සිදු ව නැති අතර, මෙම කන්ටේනරය කර්මාන්ත පුරයේ කර්මාන්ත ශාලාවකට නිෂ්පාදිත භාණ්ඩ නැව්ගත කිරීම සඳහා රැගෙන යමින් සිටියදියි මෙකී අනතුර සිදු ව ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම පොලිසිය විමර්ශන ක්‍රියාත්මක කර තිබෙනවා.