මානව හිමිකම් කමිටුව ශ්‍රී ලංකාව ගැන අවදානයෙන්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කර සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියට අනුකූල නව නීති සම්මත කරන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව නැවත වරක් ශ්‍රී ලංකාවට නිර්දේශ කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ මෑතකාලීන සිදුවීම් වන විරෝධතාකරුවන්, වෘත්තීය සමිති සාමාජිකයන්, සුළුතර ප්‍රජාව අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම් සහ රඳවා තබාගැනීම් පිළිබඳ විමර්ශනය කිරීමෙන් පසුව නිවේදනයක් නිකුත් කරමිනුයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව කනස්සල්ල පළ කර ඇත්තේ.

අත්අඩංගුවට ගැනීම් සහ රඳවා තබා ගැනීම් පිළිබඳ චෝදනා සම්බන්ධයෙන් කඩිනම් සහ ඵලදායී විමර්ශනයක් මෙන්ම රැඳවියන් සඳහා වන මූලික නීතිමය ආරක්ෂාවන්ට ගරු කරන ලෙස මානව හිමිකම් කමිටුව ඉල්ලා තිබෙනවා.

සුළු ජාතීන් සහ රජයේ විවේචකයන් ඉලක්ක කර වධහිංසා පැමිණවීම් හරහා පාපොච්චාරණ ලබා ගැනීමට භාවිතා කරන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පිළිබඳව කමිටුව කනස්සල්ල පළ කර ඇතැයි සඳහන්.

මානව හිමිකම් කමිටුව යනු එහි රාජ්‍ය පාර්ශවයන් විසින් සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය කරන ස්වාධීන විශේෂඥයින්ගේ ආයතනයයි.

සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් භුක්ති විඳීම ප්‍රවර්ධනය කිරීම කමිටුවේ කාර්යය වන අතර, එහි ප්‍රතිඵලයක් ලෙස නීතිය, ප්‍රතිපත්ති සහ භාවිතයේ විවිධ වෙනස්කම් සිදු වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12