මාධ්‍ය ආයතනවල බලපත්‍ර අහෝසි කරනවා ද?: බන්දුල පිළිතුරු දෙයි

තමා ජනමාධ්‍ය අමාත්‍යධූරයේ සිටිනතාක් කිසිදු මාධ්‍ය බලපත්‍රයක් අහෝසි කිරීම සඳහා අවශ්‍ය නීති සම්පාදනයකට මැදිහත් නොවන බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද (04) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු යොමුකළ පැනයකට පිළිතුරු ලබාදෙමිනි.

රටෙහි දියුණු මාධ්‍ය සංස්කෘතියක් ඇතිකර ගැනීම සඳහා සියලුම මාධ්‍ය ආයතන සමග ඒකාබද්ධ වී අන්තර්ජාතික මට්ටමේ මාධ්‍ය සංසකෘතියක් රට තුළ ඇති කිරීම සඳහා අවශ්‍ය ආගමික, සමාජ, සංස්කෘතික, දේශපාලනික වශයෙන් වටිනාකම් සහිත මාධ්‍ය ක්‍රමවේදයක් සඳහා අවශ්‍ය වටපිටාව නිර්මාණය කිරීමට සහ නියාමනය කිරීමට අවශ්‍ය පිළිවෙතක් මිස මාධ්‍ය ආයතන මර්දනයට හෝ පවරාගැනීමට පනත් සකස් නොකරන බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46
Video thumbnail
සූර්ය බලශක්ති ව්‍යාපෘතිවලට දාලා තියෙන තහංචි අයින් කරන්න - සජිත් රජයෙන් කළ ඉල්ලීම
01:46
Video thumbnail
ජලභීතිකා නව පනත තුළින් සිදුවන ගැටලු ගැන සජිත් හෙළිකරයි - තවත් සංශෝධනය කරන්න එපා
05:50
Video thumbnail
රුමේෂ්ගේ ජයග්‍රහණය ගෙදර අය කෑගහලා සමරපු හැටි - සතුටට කට්ටිය රතිඤ්ඤත් දායි
01:36
Video thumbnail
ආසියානු ක්‍රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ රන් පදක්කම රුමේෂ්ට - මහ වැස්සේ අපේ කොල්ලා ගැහුව ගේම
00:52
Video thumbnail
අවසරලත් පීටිකාවෙන් පිට මත්පැන් තබා සාදයක් පැවැත්වූ කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:28
Video thumbnail
මත්පෙති ජාවාරමට එරෙහිව ගමක් පාරට බහී
01:37
Video thumbnail
විලංගු දාලා නාමල්ව නවත්වන්න බෑ
01:50