මාතර වෙළෙඳසැලක විශාල ගින්නක්

මාතර හරිස්චන්ද්‍ර ඉන්ධන පිරවුම්හල ඉදිරිපිට වෙළෙඳසැලක අද (29) පස්වරුවේ ගිනක් හටගත්තා.

ප්ලාස්ටික් බඩු අලෙවි කරනු ලබන වෙළෙඳසැලක මෙම ගින්න හටගෙන තිබුණා.

මෙම ගින්නෙන් වෙළෙඳසැල සම්පුර්ණයෙන්ම විනාශ වී තිබෙනවා.

මාතර ගිනි නිවන හමුදාව, ⁣මාතර පොලීසිය හා ප්‍රදේශවාසින් එක්ව ගින්න පාලනය කිරීමට කටයුතු කර තිබෙනවා.

විදුලිය කාන්දුවක් හේතුවෙන් මෙම ගින්න හටගන්නට ඇතැයි පොලීසිය සැකපල කරනවා.

ගින්නෙන් කිසිදු ජිවිතහානියක් මෙතෙක් වාර්තා නොවන බව පොලීසිය පවසනවා.