මාතර පානීය ජලය සහ ගංවතුර ගැටළුව ගැන සාකච්ඡාවක්

මාතර නගරයේ පානීය ජලය සහ ගංවතුර ගැටළුව සම්බන්ධයෙන් ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ අවධානය යොමුවී තිබෙනවා.

අදාළ සියළු ආයතන එක්ව නිල්වලා ගංවතුර ගැන සැලසුම් සහගත අධ්‍යයනයක් සිදු කර මින් ඉදිරියට ගංවතුර තත්ත්වයන් ඇති වීම වැලැක්වීම සඳහා අප්‍රේල් මාසයට පෙර අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසටයි ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව උපදෙස් දී ඇත්තේ.

එමන්ම අනාගත ජල අවශ්‍යතා සළකා බලා පැවැති පැරණි ජලාශ 5ක් නැවත පණ ගැන්වීමේ හැකියාව සොයා බලා වාර්තාවක් ලබා දෙන ලෙසද උපදෙස් දී තිබෙනවා.

සීඝ්‍රයෙන් නාගරිකරණය වන, උපාය මාර්ගික නගරයක් ලෙස වර්ධනය වන මාතර නගරයේ පානීය ජලය සහ ගංවතුර ගැටළුව සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කර මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශය, ජාතික ජල සම්පාදන හා ජලා පවහන මණ්ඩලය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව හා අනෙකුත් අදාළ ආයතන එක්ව ලෝක බැංකු ව්‍යාපෘතියෙහි දිගුවක් ලෙස සැලසුම් සහගත අධ්‍යයනයක් සිදු කර වාර්තාවක් ලබා දෙන ලෙසටයි කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අද (24) නිලධාරීන්ට උපදෙස් දුන්නේ.

මේ සාකච්ඡාව සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය, මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්‍යාංශය, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව, දකුණු පලාත් ජල සම්පාදන මණ්ඩලය, යන රාජ්‍ය ආයතනවල නිලධාරීන් සහ මාතර දිස්ත්‍රික් ලේකම්වරයා, අදාළ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් විශේෂඥයන් කැඳවා තිබුණා.

පසුගිය 2023 වසරේ ඇති වූ නිල්වලා ගඟ ආශ්‍රිත ගංවතුර තත්ත්වය නිල්වලා නිම්නයේ ස්වභාවික තත්ත්වයක් ද, නොඑසේ නම් ඇති කරන ලද ලවණ බාධකය නිසා සිදුවූ තත්ත්වයක් ද යන්න මෙහිදී සභාපතිවරයා විමසා තිබෙනවා.

එහිදී අනාවරණය වූ කරුණු අනුව ජනතාවගේ ජල පහසුව පිණිස ඇති කරන ලද ලවණ බාධකය ද, මෙම ගංවතුර තත්ත්වය සඳහා සෘජුව බලපෑ සාධකයක් ලෙසටයි හඳුනාගෙන ඇත්තේ.

ගංවතුර හේතුවෙන් පසුගිය වසරේ සිදු වූ වගා හානිය සම්බන්ධයෙන් මාසයක් ඇතුලත ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවට වාර්තාවක් ලබා දෙන ලෙස මෙහිදී සභාපතිවරයා මාතර දිස්ත්‍රික් ලේකම්වරයාට උපදෙස් ලබා දෙනු ලැබුවා.

ලවණ බාධකයට අමතරව අයහපත් කාළගුණ තත්ත්වය මත ඇති වූ දැඩි වර්ෂාපතනය, නිල්වලා ද්‍රෝණියේ රොන් මඩ තැන්පත් වීම, පැරණි ලවණ බාධකය ඉවත් නොකිරීම හරහා බාධක දෙකක් ඇති වීම හා වැලි බාධක ඉවත් නොකිරීම ද මෙම ගංවතුර තත්ත්වය සඳහා බලපා තිබෙන බවයි මෙහිදී අනාවරණ වූයේ.

ඇල මාර්ගවල රොන් මඩ ඉවත් කිරීම සහ නඩත්තු කිරීම සඳහා මුදල් සහ උපකරණ හිඟය හේතුවෙන් එම නඩත්තු කටයුතු නිසි ලෙස සිදු වී නොමැති බව ද හෙළි වී තිබෙනවා. එමෙන්ම අධිවේගී මාර්ගය ඉදිකිරීමේ දී සකසන ලද විකල්ප තාවකාලික මාර්ග තවමත් ඉවත් කර නොමැති අතර, එය ද ගංවතුර තත්ත්වය සඳහා බලපා ඇති බවයි මෙහිදී අනාවරණය වූයේ.

ජනතාවට දැඩි ලෙස බලපා ඇති මෙම සමාජ ප්‍රශ්නය ගැන ජනතාව නගන චෝදනා සම්බන්ධයෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව මෙතෙක් ගෙන ඇති පියවර සම්බන්ධයෙන් මෙහිදී කාරක සභා සභාපතිවරයා ප්‍රශ්න කළ අතර, එහිදී හෙළිදරව් වූයේ මේ සම්බන්ධයෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුවත්ව සිටින බවත්, වැලි බාධකය ලවණ බාධකයටත් වඩා මෙම ගංවතුර තත්ත්වයට බලපා ඇති බවයි.

එමෙන්ම නිල්වලා ආරක්ෂිත ප්‍රදේශයේ වැසි ජලය ගඟට මුදාහරින පොම්පාගාර සඳහා ඉන්ධන ප්‍රමාණවත් නොවීමේ ගැටළුවක් පැවති බවත් මෙහිදී අනාවරණය වුණා.

එම පොම්පාගාර මාරු කිරීමක් 1989 වැනි කාලයක සිට මේ දක්වා සිදු කර නොමැති අතර, 2010 දී පමණ නඩත්තු කිරීමක් පමණක් සිදු කර ඇති බවයි හෙළිවී ඇත්තේ. පැවති තත්ත්වය සම්බන්ධයෙන් සිදු කරන ලද ශක්‍යතා අධ්‍යයනයන්ගේ නිර්දේශ සහ මාර්ගෝපදේශයන් ක්‍රියාත්මක කිරීමට ජල සම්පාදන මණ්ඩලය ක්‍රියා කර නොමැති බව ද මෙහිදී හෙළි වී තිබෙනවා.

මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්‍යාංශය සහ අදාළ ආයතන එක්ව වැලි බාධකය සම්පූර්ණයෙන් ඉවත් කිරීමට කටයුතු කළ යුතු බවත්, අධිවේගී මාර්ගය සහ වෙනත් සංවර්ධන කටයුතු නිසා ඇති වූ අවහිරතා ඉවත් කිරීමට හා නිල්වලා ගංගාවේ කැනීම් සිදු කිරීමට වාර්මාර්ග දෙපාර්තමේන්තුව කටයුතු කර අප්‍රේල් මාසයට පෙර වාර්තාවක් ලබා දෙන ලෙසත්, අනාගත ජල අවශ්‍යතා සළකා බලා, පැවැති පැරණි ජලාශ 5 නැවත පණ ගැන්වීමේ හැකියාව සොයා බලා වාර්තාවක් ලබා දෙන ලෙසත්, කාරක සභා සභාපති පාඨලී චම්පික රණවක මහතා මෙහිදී උපදෙස් ලබා දෙනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Number Plate එකේ ගහල තිබ්බ Province එක අයින් කරන්න හේතුව මෙන්න..දැන් යුද්දය ඉවරයිනේ..අවශ්‍ය නෑනේ
02:33
Video thumbnail
තමන්ගේ නම ගහපු Number Plate ඉස්සරහට ගන්න පුළුවන් ?
04:06
Video thumbnail
අංක තහඩු ලැමිනේට් කරලා ගියොත් පොලිසියෙන් දඩ..ඔයාලා ඒ දඩේ ගෙවනවද ?..හර්ෂද එකක් නෑර ප්‍රශ්න කරයි
13:46
Video thumbnail
සාම පාගමන අතරතුර ආලෝකට වෙන්න ගිය අකරතැබ්බය
00:09
Video thumbnail
සාම පාගමන අතරතුර ආලෝකට වෙන්න ගිය අකරතැබ්බය..ආරක්ෂකයෙක් ඉක්මනින් බේරගත් හැටි
00:32
Video thumbnail
තොරතුරු එළියට ගියොත් එයාලා පිටත්වෙන නිසා රහස්‍යතාවයෙන් වැඩ කළේ
02:25
Video thumbnail
හැකර්ලා ඇවිත් ඩොලර් මිලියන 2.5ට ෂොට් එක දුන්න හැටි හෙළිවෙයි..Cyber Attack එක ඊට කලිනුත් වෙලා තියෙනවා
04:38
Video thumbnail
ප්‍රධාන පෙළේ හෝටලයකදී, කැබිනට් ඇමති කෙනෙක් කරපු කැත වැඩේ..රාජිත සියල්ල එළියට දායි
01:03
Video thumbnail
රාජිත - ලාල්කාන්තට කට උත්තර නැතිවෙන්න අමතයි..කීර්තිනාමය තියෙනවා කියලා ඔප්පු කරන්න ඕනි
05:07
Video thumbnail
Hacker කෙනෙක් අතට ගියා කියන එක හිතාගන්න බෑ..ලෝකයේ පළමු වතාවට මෙහෙම වෙලා තියෙන්නේ
06:32