මහ කන්නයේ වී ගන්න මුදල් ලබා ගැනීමට ඇමති අමරවීරගෙන් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක්

2022/23 මහ කන්නයේ වී අලෙවි මණ්ඩලය මගින් වී මිල දී ගැනීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් හෝ ප්‍රධාන රාජ්‍ය බැංකු දෙක මගින් හෝ සාධාරණ පොලී අනුපාතයක් මත අවශ්‍ය මුදල් ලබා දෙන ලෙස ඉල්ලා අමාත්‍ය මහින්ද අමරවීර විසින් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ සඳහාවන අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට ඊයේ (04) අමාත්‍යවරයා විසින් අත්සන් තැබූ අතර, බොහෝ දුරට එය ලබන සතියේ දී අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

මෙවර මහ කන්නයේ දී මේ වනවිට හෙක්ටෙයාර් හත්ලක්ෂ හැත්තෑදහසක වී වගා කර ඇති අතර වී ගොවීන්ට අවශ්‍ය යුරියා හා බණ්ඩී පොහොර ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රදේශවලට අවශ්‍ය ප්‍රමාණවලින් සපයා තිබෙනවා.

එබැවින් කිසිදු ප්‍රදේශයකින් මේ වනවිට ගොයම්වල තත්ත්වයේ අඩුපාඩු කිසිවක් වාර්තා නොවන බවටයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් තහවුරු කර ඇත්තේ.

ඉදිරියේ දී නියඟය, ගංවතුර හෝ කෘමි හානියක බලපෑමක් එල්ල නොවුවහොත් මෙවර මහ කන්නයේ ඉහළ වී අස්වැන්නක් ලබා ගැනීමට හැකි බව දැනට තිබෙන කරුණු අනුව සනාථ වී තිබෙනවා.

මහ කන්නයේ වී අස්වනු නෙලීම පෙබරවාරි මස මුල් සතියේ සිට ආරම්භ වීමට නියමිත බැවින් ගොවීන්ගේ වී අස්වැන්නෙන් වී මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක් වී අලෙවි මණ්ඩලය මගින් මිල දී ගැනීමට නියමිතයි.

එහි පළමු අදියර යටතේ වී මෙට්‍රික් ටොන් ලක්ෂයක් මිල දී ගැනීමට වී අලෙවි මණ්ඩලය සූදානම්ව සිටින බව එම මණ්ඩලයේ වැඩ බලන සභාපති නීතිඥ බුද්ධික ඉද්දමල්ගොඩ සඳහන් කරනවා.

කෙසේ වුවද මෙවර මහ කන්නයේ වී මිල දී ගැනීමට අවශ්‍ය මුදල් ප්‍රමාණය කොතෙක් ද යන්න තීරණය කරනු ලබන්නේ මිල තීරණය තීරණය කිරීමේ කමිටුව අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත පත් කිරීමෙන් අනතුරුව ගනු ලබන තීරණය මත බවයි ඔහු සඳහන් කළේ.

අවම වශයෙන් ඒ සඳහා රුපියල් බිලියන 07ක්වත් අවශ්‍ය වනු ඇතැයි ද සභාපතිවරයා පෙන්වා දෙනවා.
.
පසුගිය යල කන්නයේ දී වී අලෙවි මණ්ඩලය යටතේ වී මිල දී ගැනීම සඳහා රුපියල් මිලියන 2000ක මුදලක් ලබාදීමට අමාත්‍ය මණ්ඩලය අනුමත කළ ද, පැවැති ආර්ථික අර්බුදය හේතුවෙන් රාජ්‍ය බැංකු දෙකක් විසින් අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන ලබා ගැනීමට හැකිවූයේ නැහැ.

නමුත් වී අලෙවි මණ්ඩලය සතුව පැවැති මුදල්වලින් රුපියල් මිලියන 850ක් වැය කර වී මෙට්‍රික් ටොන් 7070ක ප්‍රමාණයක් මිල දී ගැනීමට වී අලෙවි මණ්ඩලය පියවර ගනු ලැබුවා.

ආහාර සුරක්ෂිතතාවය සඳහා රජය ගෙන යන වැඩ පිළිවෙළ යටතේ මෙවර වී අස්වැන්නෙන් වැඩිපුර ප්‍රමාණයක් මිල දී ගැනීම සඳහා වී අලෙවි මණ්ඩලයට හැකි වනු ඇති බවටයි එම මණ්ඩලය විශ්වාසය පළ කරන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26