හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සුවදුක් බැලීමට අද (17) පෙරවරුවේ චීන ජාතිකයින් පිරිසක් තංගල්ල කාල්ටන් නිවසට පැමිණියා.
ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ දී සම්මතවීමෙන් පසු මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා විජේරාමේ පිහිටි නිල නිවවෙන් ඉවත්ව තංගල්ල කාල්ටන් නිවස වෙත පැමිණියා.
එතැන් සිට හිටපු ජනාධිපතිවරයා බැහැදැක ඔහුගේ සුවදුක් විමසීමට විවිධ ප්‍රදේශවලින් පිරිස් පැමිණෙනවා.













