මහා ශිව රාත්‍රී දිනය අදයි

හින්දු බැතිමතුන් මහත් භක්තියෙන් සමරන මහා ශිව රාත්‍රී දිනය අදට (18) යෙදී තිබෙනවා.

මහා ශිව රාත්‍රීය සැලකෙන්නේ, දෙවියන් අතුරින් ලොව බලවත්ම දෙවියා තමා බව ශිව දෙවියන් ලොවට විදහා දැක් වූ දිනය ලෙසටයි.

ලොව බලවත්ම දෙවියන් කවුරුන් ද යන්න පිළිබඳව විශ්ණු දෙවියන්, මහා බ්‍රහ්මයන් සහ ශිව දෙවියන් අතර ඇති වූ මත ගැටුමේ දී ශීව දෙවිඳුන් මිහි ගැබේ සිට අහස් ගැබ දක්වා ආලෝක කදම්භයක් විහිදුවමින් එහි දෙකෙළවර සොයා ගන්නා අය බලවත්ම දෙවියාවන බව පැවසූ බව හින්දු සාහිත්‍යයේ සඳහන්.

එහෙත් සූකර වෙස් ගනිමින් මිහිගැබ හාරමින් ගිය විශ්ණු දෙවියන්ටත්, හංස වෙස් ගනිමින් අහස් ගැබ වෙත පියාසර කළ මහා බ්‍රහ්මයාටත් එහි දෙකෙළවර සොයා ගැනිමට හැකි වී නැහැ.

ඒ, අනුව ලොව බලවත්ම දෙවියා ශීව දෙවියන් බවට හින්දු බැතිමතුන් විශ්වාස කරන අතර, හින්දු බැතිමතුන් මහා ශීව රාත්‍රි දිනය ලෙස සමරන්නේ ශිව දෙවියන් ආලෝක කඳම්බය නිකුත් කළ නැකත උදාවන දිනයයි.

මේ අනුව හින්දු බැතිමතුන් අද රාත්‍රීයේ සිට හෙට උදෑසන දක්වා ශීව දෙවියන්ට පූජෝපහාර දක්වමින් මහා ශීව රාත්‍රීය සමරණු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මීගමු බන්ධනාගාර ගැ#ටුමේ පස්වන සැකකරු "ලැම්බා" අධිකරණයට ගෙන එයි - මූණත් වහගෙන එන හැටි
00:48
Video thumbnail
හර්ෂද සිල්වාට සතුට දරාගන්න බැරිවුණ මොහොත - මේ අලුත් දේශපාලන සංස්කෘතිය හොඳයි
13:48
Video thumbnail
සිරි සීවලී මහා සෑය විවෘත කිරීමට ගිය දිලිප් සහ ජගත් විතාණ - දෙන්නා කරට අත දාගෙන පඩිපෙළේ එන හැටි
04:15
Video thumbnail
බලය දෙනකොට අසීමිත බලයක් දෙන්න එපා කාට වුණත්..දැන් මිනිස්සුන්ට තේරෙනවා වැරැද්ද
03:26
Video thumbnail
අපිට ජන වරමක් තියෙනවා මැතිවරණ දෙකකදිම..උඩුදුවන්න ඕනි නෑ - ජනතාවට යුක්තිය ඉටුකරනවා
05:14
Video thumbnail
මර්වින් ඇමති කාලයේ විශාල ධනස්කන්ධයක් උපයලා - ප්‍රසිද්ධ නිළියකටත් ලක්ෂ ගණන් දීලා
06:11
Video thumbnail
ඉතාමත් දුර්ලභ වර්ගයේ හඳුන් දිවියෙක් ලොරි රථයක වැදී එළොව ගිහින්
00:35
Video thumbnail
නලින්දට හරි අපූරුවට උපදෙස් දුන් හර්ෂ ?
00:36
Video thumbnail
සුවසැරිය සංවත්සරයට ගිහින් නලින්දට උපදෙස් දුන් හර්ෂ ? - නලින්දත් හොඳට ඇහුම්කන් දෙයි
01:00
Video thumbnail
හේමසිරි සහ පූජිත් නඩු තීන්දුවට මුහුණ දෙන්න අධිකරණයට පැමිණෙයි - කට්ටිය එක්ක ගැම්මට එන හැටි
03:05