මහා පරිමාණ වංචා හෙළිදරව්කළ හිටපු නිලධාරියාට තහනමක්

පාරිභෝගික අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධනට විදෙස්ගත වීම වළක්වමින් නියෝගයක් නිකුත් කර ඇති බව වාර්තා වනවා.

ලංකා සතොසට සම්බන්ධ මහ පරිමාණ සුදුළුණු වංචාව සහ ගෘහස්ථ ගෑස් සිලින්ඩර් හි ප්‍රමිතිය ප්‍රශ්නයෙන් වන හෙළිදරව් කිරීම් ඔහු විසින් සිදුකරනු ලැබුවා.

මහා පරිමාණ සුදු ළුණු වංචාවට සම්බන්ධ ලංකා සතොස ආයතනයේ ඉහළ නිලධාරීන් 4 දෙනෙකුගේ වැඩ තහනම් කිරීමට ද එම හෙළිදරව් කිරීම සමත් වු අතර දිවයින පුරා වාර්තා වූ ගෑස් ආශ්‍රිත පිපිරීම් සිදුවීමට පෙරම ඔහු විසින් ගෘහස්ථ ගෑස් සම්බන්ධයෙන්ප්‍රමිතියක් නොමැති වීම නිසි එල්ල විය හැකි තර්ජනය පිළිබඳව ද ඔහු කරුණු අනාවරණය කර සිටියා.

මෙම හෙළිදරව් කිරිම් සිදුකළ හිටපු පාරිභෝගික සේවා අධිකාරියේ විධායක අධ්‍යක්ෂකවරයා සිය ව්‍යාපාරික කටයුත්තක් සඳහා අමෙරිකාව බලා යාමට ගුවන් තොටුපොළට පැමිණි අවස්ථාවේදී ඔහුට රටින් පිටව යෑම තහනම් කර ඇති බවට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී ආගමන විගමන නිලධාරීන් විසින් දැනුම් දී තිබෙනවා.

ඒ ඔහුව වැලිසර අධිකරණයේ පවරා ඇති නඩුවක සැකකරුවෙකු ලෙස නම් කර ඇති බවට සිදුකර තිබෙන දැනුම් දීමක් අනුව එලෙස ඔහුට විදේශගත වීමට අවසර ලබාදිය නොහැකි බවට ගුවන් තොටුපොළ නිලධාරීන් සඳහන් කළ බවයි තුෂාන් ගුණවර්ධන සඳහන් කළේ.

තමන් නඩුවක සැකකරුවෙකු ලෙස නම් කර ඇති බවට මේ දක්වා කිසිදු වගකිවයුතු බලධාරීන් විසින් තමන්ට දැනුම් දී සිදුකර නොමැති බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40