මහා පරිමාණයේ සයිබර් අපරාධයට තැත් කළ පිරිසක් කළුතර දී අත්අඩංගුවට

වලංගු වීසා නොමැතිව රැදී සිටි විදේශීය ජාතිකයන් 14 දෙනෙක් වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කළුතර උතුර පොලිස් වසමේ මහ වස්කඩුව, කළුතර ලිපිනයේ පිහිටි ප්‍රසිද්ධ හෝටලයක් තුළ රැදී සිටින විදේශිකයින් පිරිසක් අන්තර්ජාලය හරහා නීති විරෝධී ක්‍රියාවල නිරත වන බවට වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ අධ්‍යක්‍ෂ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල වෙත ලද තොරතුරකට අනුව නිලධාරින් කණ්ඩායමක් යොදවා ඊයේ (14 ) සිදුකරන ලද වැටලීමකදී එම හෝටලය තුල වලංගු වීසා නොමැතිව රැදී සිටි විදේශීය ජාතිකයන් 14 දෙනෙක් අත්අඩංගුවට ගෙන කළුතර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබෙනවා.

මෙම වැටලීමේදී වලංගු වීසා නොමැතිව මෙරට රැඳී සිටි චීන ජාතික පිරිමි පුද්ගලයන් 10 ක්ද, එක් මැලේසියානු ජාතික පිරිමි පුද්ගලයෙක් ද, චීන ජාතික කාන්තාවන් දෙදෙනෙකු සහ එක් මැලේසියානු ජාතික කාන්තාවක් ද අත්අඩංගුවට ගැනීමට සමත් වූ බවයි වාර්තා වන්නේ.

මෙම විදේශීය ජාතිකයන් රැඳී සිටි මෙම සංචාරක හෝටලය තුල ව්‍යාපාරයක් ලියාපදිංචි කර, එම ව්‍යාපාරය මුවාවෙන් පරිගණක අපරාධ සිදු කිරීම සඳහා, දැවැන්ත මෙහෙයුම් මධ්‍යස්ථානයක් සඳහා වන මූලික ඉදිකිරීම් කටයුතු සිදුකරමින් තිබෙන අතරතුරදී මෙම වැටලීම සිදුකර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තරුණ කටයුතු නි.ඇමතිට ඇන්ටිලා දුන්න ටෝක් එක ?"හොඳ කරත් බැනුම් අහනවා..නරක කරත් බනිනවා.."
07:13
Video thumbnail
මන්ත්‍රී කොට්ටහච්චිගේ ප්‍රධානත්වයෙන් පානදුරේ සිදුකළ අත්තම..ගැම්මට උපදෙස් දුන්න හැටි
08:01
Video thumbnail
නාමල් හැසිරෙන්නේ මැ#ර නායකයෙන් වගේ - චණ්ඩි පාට් මැදමුලනේ දාගන්න..අපි බය නෑ
03:40
Video thumbnail
ශෂීන්ද්‍ර රාජපක්ෂගෙන් ආණ්ඩුවට සත්තමක් - දුර්වල ආණ්ඩුවක්නේ..විරුද්ධවෙන මිනිහා හිරේට දානවා
01:41
Video thumbnail
සාජන් බංඩාව පොලිස්පති කරන්න යෝජනා කරනවා - ශානිගේ DIG තනතුර ගැන අහද්දි ගම්මන්පිලගෙන් යෝජනාවක්
01:23
Video thumbnail
රැඳවියන්ට සලකන හැටි හිරුණිකා හෙළිකරයි - කාන්තාවන්ව නි#වත් කරලා චෙක් කරන්නේ..බන්දේ පොලිසිය අමා#ෂිකයි
12:11
Video thumbnail
වැල්ලවායේ හිටි හැටියෙම ඇතිවූ තද සුළං තත්ත්වය - මෙන්න කැමරාවට හසුවූ දර්ශන
01:51
Video thumbnail
JVP එකේ කොට අය රජීව්ගේ උසට ඊර්ෂ්‍යා කරනවා ? මාලිමාව, රජීව්ව ටාගර්ට් කරගෙන
07:52
Video thumbnail
ඊළඟට මොන බන්ධනාගාරයේ ම# ගයිද දන්නේ නෑ ?බන්ධනාගාර උණුසුම ගැන අනිල් කට අරියි
02:43
Video thumbnail
කෝවිලේ බුදු පිළිමයක් තැබීමට යාමේදී නොසන්සුන්තාවක් - "උඹ පොටෝ බැරිනම් ෆේස්බුක් හරි දාපන්"
01:07