මහා නායක හිමිවරුන් විසින් යොමුකළ ලිපිය ජනපතිට ලැබිලා – කැබිනට් ප්‍රකාශක (වීඩියෝ)

අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස ඉහළ දැමීම සම්බන්ධයෙන් රජය ගෙන ඇති තීරණය පිළිබඳව ගෞරවනීය
මහා නායක හිමිවරුන් විසින් යොමුකළ ලිපිය ජනාධිපතිවරයා වෙත ලැබී ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළා.

අද (11) පස්වරුවේ පැවති කැබිනට් තීරණය දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා.

මහා නායක හිමිවරුන් විසින් යොමුකළ ලිපියේ තිබූ අදහස් ජනාධිපතිවරයා විසින් සැලකිල්ලට ගෙන, මහා නායක හිමිවරුන් හමුවී මෙම සියලු කරුණු පිළිබඳව සාකච්ඡා කිරීමට කටයුතු කරන ලෙස උපදෙස් ලබාදුන් බවයි නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා මෙහිදී වැඩි දුරටත් සඳහන් කර සිටියේ.

ඒ, අනුව ජනාධිපතිවරයා ලබාදුන් උපදෙස් පරිදි කටයුතු කළ බවත් අමාත්‍යවරයා මෙහිදී ආධාරණය කළා.

Akila Bandara



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කිඹුලෙකුට ගොඳුරු වූ තරුණයා - නෑ නෑ.. ඒ මගේ කොල්ලා නෙමෙයි
00:47
Video thumbnail
නීතිඥ සංගමය, වෘත්තීය සංගම් අලුත් කඩේ අධිකරණය වටලයි - අනුරගේ ආණ්ඩුවත් කළු පැල්ලමක් ඉතිහාසයට එක් කළා
09:03
Video thumbnail
පියංකර ජයරත්න වැලිකඩ බන්ධනාගාරයට
00:39
Video thumbnail
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයෙන් නලින්ද ආයාචනා කරයි - විපක්ෂය උද්ඝෝෂණ කළාට අපිට දැනෙන්නේ නෑ
06:33
Video thumbnail
මන්ත්‍රී කාවින්දගේ නිවස පිටුපසින් අත්බෝ#බයක් හමුවෙයි
00:33
Video thumbnail
නාමල් ලි#ගික අල්ලස ගත්තේ නෑ - නාමල් නිර්දෝශියි
06:03
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:12:47
Video thumbnail
ආණ්ඩුවේ රැළිවලට යන වියදම දරන්නේ රටේ ජනතාවගේ මුදල්වලින්ද ?NPP එක වියදම් දරන්නේ
02:01
Video thumbnail
වසර 7කට හිරේට ගිය පියංකර ගැන නලින්ද කට අරියි - දැනට පවතින නීතිය අනුව වැඩ වෙන්නේ
03:02
Video thumbnail
ක්‍රීඩා පිටි නොදුන් නිසා පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?දෙකයි පනහේ වැඩ කරන්න එපා
10:05