spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

‘මහාවංශය’ ලෝක උරුමයන් අතරට

‘මහාවංශය’ ලෝක උරුමයක් ලෙස නම් කිරීමට යුනෙස්කෝ සංවිධානය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ලොව දිගම අඛණ්ඩ ඓතිහාසික වාර්තාවලින් සමන්විත ‘මහාවංශය’ යුනෙස්කෝ සංවිධානය මෙම වසරේ ප්‍රකාශයට පත්කළ ලෝක මතක ජාත්‍යන්තර ලේඛනයේ නව ලේඛන උරුම 64ට ඇතුළත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

ක්‍රිස්තු පූර්ව 06 වැනි සියවසේ සිට ශ්‍රී ලංකාවේ ඉතිහාසය ලියවී තිබෙන මහාවංශයේ අත්පිටපත් කීපයක් රටවල් කිහිපයකම තිබෙනවා.

ඊට අමතරව අග්නිදිග ආසියාතික සහ යුරෝපීය භාෂා කිහිපයකට පරිවර්තනය කිරීමෙන් එහි අතිවිශාල ඓතිහාසික, සංස්කෘතික, වචනාර්ථ, භාෂාමය සහ ශාස්ත්‍රීය වටිනාකම්වලට සාක්ෂි දරණ බව ද යුනෙස්කෝ සංවිධානය පවසනවා.

යුනෙස්කෝ’ සංවිධානය වැඩිදුරටත් පවසන්නේ ‘මහාවංශය’ දකුණු ආසියාවේ එවැනි ආකාරයේ පළමුවැනි ඉතිහාස වාර්තාව බවට පත්ව ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?