මහාවංශය ලෝක උරුමයක් බවට පත්වෙයි – යුනෙස්කෝවෙන් පේරාදෙණියට ප්‍රශංසාත් (ඡායාරූප)

ශ්‍රී ලංකා ඉතිහාසයේ වැදගත් ම ආර්ථික, දේශපාලනික, සංස්කෘතික සහ සමාජීය කරුණු කාරණා රැසක් සහිත ‘මහාවංශය’ යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක උරුමයක් ලෙස නම්කර තිබෙනවා.

මෙම කෘතිය මෙතෙක් සුරක්ෂිත ව තබා තිබුණේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ පිහිටි පුස්තකාලයේ පුස්කොළ පොත් සුරක්ෂිත කලාපයේ යි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලීය පුස්තකාලයේ ඇති මහාවංශය පුස්කොළ පොත ලෝක උරුමයක් ලෙස නිල වශයෙන් අද (17) දිනයේ දී ප්‍රකාශයට පත් කරනු ලැබූ අතර ඊට අදාළ ලෝක උරුම සහතිකය ද යුනෙස්කෝ අධ්‍යක්ෂ ජනරාල්වරිය Audrey Azoulay විසින් විශ්වවිද්‍යාලය වෙත පිරිනමනු ලැබුවා.

වසර ගණනාවක් මෙම පුස්කොළ පොත මනා ලෙස ප්‍රවේශම් කරගනිමින් රැක ගැනීම ගැන ද පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ද ඇය විශේෂ ස්තුතියක් පුදකර සිටියා.

යුනෙස්කෝව මගින් ලෝක උරුමයන් ලෙස නම් කළ ස්ථාන 08 ක් ශ්‍රී ලංකාවේ පවතින බවත් පසුගිය වසර 75ක කාලයේ දී ශ්‍රී ලංකාව යුනෙස්කෝව සමග මනා සම්බන්ධතාවක් පවත්වා ගනිමින් කටයුතු කළ බවත් ඇය මෙම උත්සවයට එක් වෙමින් කියා සිටියා.

මානව ශිෂ්ටාචාරයේ ඓතිහාසික වටිනාකම්වලින් යුත් මූලාශ්‍ර ආරක්ෂා කර ගැනීමට පසුගිය කාලය තුළ යුනෙස්කෝව විශේෂ පියවර රැසක් ගෙන තිබෙන බව ද Audrey Azoulay මහත්මිය ප්‍රකාශ කළා.

මහාවංශයේ පිටපත් කිහිපයක් ශ්‍රී ලංකාවෙන් හඳුනා ගැනීමෙන් පසු ඒ අතරින් සැබෑ ඓතිහාසික ග්‍රන්ථය හඳුනා ගැනීමට සහාය වූ සියලු දෙනාට ද යුනෙස්කෝවේ ගෞරවය පිරිනමන බවයි ඇය වැඩිදුරටත් සඳහන් කළේ.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශයේ අංශාධිපති මහාචාර්ය රෝහිත දසනායක මහතා මෙම උත්සවයේ දී අදහස් දක්වමින් කියා සිටියේ; යුනෙස්කෝව මගින් ලෝක උරුමයක් ලෙස නම් කළ මහාවංශ පුස්කොළ පත්ඉරු 238කින් සමන්විත බවත් එහි කිසිදු වෙනසක් නොමැති ව අඛණ්ඩ ව මෙරට ඉතිහාසය අන්තර්ගත වන බවයි.

ක්‍රිස්තු පූර්ව 06 වැනි සියවසේ පටන් 1815 දක්වා අඛණ්ඩ ව ලියවී තිබෙන ලෝකයේ ඇති එකම පොත මෙය බවත් මෙහි ඇත්තේ එක් ජාතියක හා ආගමක ඉතිහාසය පමණක් බවට වරදවා වටහා නොගත යුතු බව ද හෙතෙම මතක් කර සිටියා.

මෙම අවස්ථාවට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය ජී.එච් පීරිස්, උප කුලපති මහාචාර්ය එම්.ඩී ළමාවංශ, පුස්තකාලාධිපති රසයියා මහේෂ්වරන් යන මහත්වරු ඇතුළු පිරිසක් ද එක් ව සිටියා.

vlcsnap 2024 07 17 13h43m45s857
vlcsnap 2024 07 17 13h44m08s487
vlcsnap 2024 07 17 13h41m50s712
vlcsnap 2024 07 17 13h40m41s148
vlcsnap 2024 07 17 13h41m27s708
vlcsnap 2024 07 17 13h39m47s208


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32