මහල් නිවාසයක විදුලි සෝපාන පාලන කාමරයකින් කාන්තාවකගේ නිසල සිරුරක්

අඟුලාන සයුරු පුර මහල් නිවාස සංකීර්ණයේ ඉහළ මාලයේ විදුලි සෝපානයේ පාලන කාමරයේ තිබි කාන්තාවකගේ මළසිරුරක් හමුවී තිබෙනවා.

නිවාස සංකීර්ණයේ පදිංචිකරුවන්ගේ දැනුම්දීමක් මත පොලිසිය සිදුකළ සොයාබැලීමකදි මෙම සිරුර හමුවී ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ කළුතර වස් කඩුව ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තැනැත්තියක් බවට හඳුනාගෙන ඇති අතර ඇයගේ පෙම්වතා විසින් මෙම ඝාතනය සිදුකර පළාගොස් ඇති බවට පොලිසිය සැක කරනවා.

මොවුන් දෙදෙනා අතර නිතර ආරවුල් තිබී ඇති අතර දෙමව්පියන් විසින් ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර ඇති බවද සදහන්.

සිද්ධිය සම්බන්ධයෙන් අගුලාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා