මහපොළෙන් අධ්‍යාපනයේ යෝධ පෙරළියක් ඇති වුණා – අගමැති දිනේෂ්

මහපොළ සෙවණ යට අධ්‍යාපනය හා දැනුම එකට එකතු කරන්නට පුළුවන් අලුත් අවස්ථාවන් බිහි වී ඇති බවත්, මහපොළෙන් අධ්‍යාපනයේ යෝධ පෙරළියක් ඇති වූ බවත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (17) ජා ඇල නගරසභා ක්‍රීඩාංගණයේ දී පැවැත් වූ ‘මහපොළ’ අධ්‍යාපනික හා වෙළෙඳ ප්‍රදර්ශනයේ අවසන් දිනය සනිටුහන් කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

එහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරයා,

“දස වසරකට පසු යළිත් පණ ගැන්වුණු මහපොළ ලක් ඉතිහාසය වෙනස් කළ සුවිශේෂ වැඩපිළිවෙළක්. මහවැලි ගඟ වගේ නොනවතින මහපොළ, ලලිත් ඇතුළත්මුදලි මැතිතුමා ආරම්භ කිරීමෙන් පසු විවිධ ආකාරයෙන් පුළුල් වෙමින් රට පුරා ගමන් කරමින්, විවිධ පෙරළි කරමින්, මහපොළක් බවට පත්වුණා. ලලිත් ඇතුළත් මුදලි මහතා සමග පාර්ලිමේන්තුවේ සිටි මන්ත්‍රීවරයෙක් හැටියට මා දකිනවා සෑම අවස්ථාවකම විශිෂ්ට දේශකයෙක් හැටියට ලලිත් අලුත් දෙයක් පාර්ලිමේන්තු ඉතිහාසයට එක් කළ බව දුටුවා. ඒ නිසාම ඔහුට අදත් අපි ගරු කරනවා.
උතුම් ප්‍රජාතන්ත්‍රවාදියෙක් ලෙස තම ප්‍රතිවිරුද්ධ මතවාදීන් සමඟ එක්ව සාකච්ඡා කරන්නට පුළුවන් ක්‍රමයක් අපේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට දායාද කළා. ඊටත් වඩා ඔහු නිර්මාණශීලීව ඇති කළ මහපොළ අපේ රටේ දූ දරු පරම්පරාවගේ අනාගතය සඳහා දෙන සහාය අපමණයි. හැම මවක්ම පියෙක්ම දරුවෙක්ගේ අනාගතය ගැන හිතනවා. ආදරණීය දරුවන්ට ඒ අනාගතය කරා යන්නට තිබුණු විශාල ගැටලු විසඳමින් අපේ ගම්බද නගරබද විශාල ජනතා කොට්ඨාශවල දරුවන්ට ලබාදෙන මහපොළ ශිෂ්‍යත්වය එවැනි ප්‍රත්‍යක් ජනිත කරන්නට පුළුවන් බව පෙන්වා දුන්නා.සේවක අර්ථ සාධක අරමුදල ලංකාවේ තිබෙන, ආසියාවේ තිබෙන සේවකයන් සඳහා වූ යෝධතම බැංකුවක් බවට අද පත්වී තිබෙනවා.
ආරම්භයේදී කිසිවෙකු හිතුවේ නැහැ මෙවන් ශක්තිමත් යෝධ බැංකුවක් ඒ තුළින් බිහිවෙයි කියලා. ලලිත් ඇතුලත්මුදලි මැතිතුමත් හිතුවේ නැහැ, මේ තරම් යෝධ පෙරළියක්, විප්ලවයක් අධ්‍යාපනයට මේ ආකාරයෙන් දායාද කරන්න හැකි වෙයි කියලා. මේ රට ගොඩනැගිය හැකි දරුවන් මහපොළෙන් බිහිවෙලා රටේ විවිධ ආයතනවලත් ජාත්‍යන්තරව අදත් සේවය කරනවා. මහපොළ වැඩපිළිවෙල යළිත් ආරම්භ කොට ඉදිරියට ගෙනයන ක්‍රියාමාර්ගය අපේ රටේ හැදෙන වැඩෙන පරම්පරාව සඳහායි. එදා මහ පොළ ආරම්භ කරනකොට ඇඟිල්ලෙන් ගණන් කරන්න පුළුවන් තරමට විශ්ව විද්‍යාල තිබුණේ. එදාට වඩා රටේ අද තුන් ගුණයක් හතර ගුණයකට වැඩි ප්‍රමාණයකට රාජ්‍ය විශ්ව විද්‍යාල තියෙනවා. පෞද්ගලික විශ්ව විද්‍යාල විස්සකට වැඩිය මේ රටේ තියෙනවා. අලුත් තොරතුරු තාක්ෂණය හා විද්‍යාව අභියෝගයන් ජය ගන්නට පුළුවන් තත්ත්වයට පරිවර්තනය කරන කේන්ද්‍රස්ථානයක් මහපොළ. අධ්‍යාපනය හා දැනුම එකට එකතු කරන්නට පුළුවන් මහපොළ සෙවණ යට කියලා අලුත් පණිවිඩයක් රටට යවන්න ආරම්භ වී තිබෙනවා.
අභියෝග ජයගන්න නම් අපි සම්ප්‍රදාය වෙනස් කරලා, අලුත් අභියෝග ජයගන්න රටක පරම්පරාව විය යුතුයි කියලා මේ මහපොළ කියාපානවා.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12