මහනුවර වාහන තදබදය අඩු කරන්න GPS තාක්ෂණය

මහනුවර හා තදාසන්න ප්‍රදේශවල ධාවනය වන පුද්ගලික බස් රථ G.P.S. තාක්ෂණය ඔස්සේ නිරීක්ෂණය කිරීමට මහනුවර නගර සංවර්ධන කමිටුව යටතේ තීරණය වී තිබෙනවා.

මහනුවර නගර සංවර්ධන කමිටුව මෙම තීරණය ගෙන ඇත්තේ දුර ගමන් සේවා නොවන බස් රථ රැසක් සිය ගමන් වාරය ආරම්භ කර නගර සීමාව පසුවන තෙක් මන්දගාමීව ධාවනය වන බවට ලැබී ඇති පැමිණිලි සලකා බැලීමෙන් අනතුරුවයි.

ඒ අනුව G.P.S. උපාංග භාවිතා කරමින් බස් රථ විධිමත්ව නිරීක්ෂණය කර තදබදය පාලනය කිරීමේ වැඩසටහන ඉදිරියේදී සැලැසුම් කිරීමට නියමිතයි.

මහනුවර නගරය සංවර්ධන කිරීමේ විශේෂ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අවදානය යොමු වී තිබෙනවා.

ඒ යටතේ ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි මහනුවර නගර සංවර්ධන කමිටුවක් පිහිටුවා ඇති අතර නගරයේ සංවර්ධන කටයුතු පිළිබදව යෝජනා ඉදිරිපත් කිරීම කමිටුවේ කාර්යයක් වනවා.

එම කමිටුවේ විශේෂ රැස්වීමක් පසුගියදා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති අතර එහිදී වාහන තදබදයට හේතු වන පුද්ගලික බස් රථ පාලනය කිරීමටයි තීරණය වී ඇත්තේ.

ඒ අනුව මධ්‍යම පළාත් මර්ගස්ථ මගී ප්රවාහන අධිකාරිය, මහනුවර මූලස්ථාන පොලිසිය හා එක්ව අදාළ පුද්ගලික බස් රථ නිරීක්ෂණ කර තදබදය පාලනය කිරීමට එකඟ වී තිබෙනවා.

මහනුවර මාර්ග දෙපස වාහන ගාල් කිරීම සීමා කිරීම, අමතර රථ ගාල් යෙදවීම ඇතුලු යෝජනා කිහිපයක් ද කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ සාකච්ඡා වී ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

ලෝක බැංකු අරමුදල් යටතේ මධ්‍යම පළාතේ ඇතැම් පුද්ගලික බස් රථ සඳහා G.P.S. උපාංග සවි කර ඇති බවත් දැනට එම උපාංග නොමැති බස් රථ සඳහා උපාංග සවිකරන ලෙසට දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා ඇතුලු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32