මහනුවර – මහියංගනය මාර්ගයේ 18 වංගුව ප්‍රදේශය යළි රථ වාහන ධාවනයට විවෘතයි

තාවකාලිකව වසා දමා තිබූ මහනුවර – මහියංගනය ප්‍රධාන මාර්ගයේ 18 වංගුව ප්‍රදේශය යළි රථ වාහන ධාවනය සඳහා විවෘත කළ බව මාර්ග සංවර්ධන අධිකාරිය දැනුම් දෙනවා.

18 වංගුවේ 02 වන වංගුව ප්‍රදේශයට ඊයේ (19) පස්වරුවේ පස් කඳු සහ ගල් කඩා වැටීම හේතුවෙන් එම මාර්ගය තාවකාලිකව වසා දැමීමට කටයුතු කරනු ලැබුවා.

මේ වන විට මාර්ගයේ පස් කඳු සහ ගල් ඉවත් කර ඇති අතර, එම කොටසේ යළි රථ වාහන ධාවනය සඳහා අවසර දීමටයි මේ වනවිට කටයුතු කර ඇත්තේ.

අධික වැසි අවස්ථාවල දී එම මාර්ගයේ තව දුරටත් පස් කඳු කඩා වැටමේ අවදානමට ලක්විය හැකි බැවින් රියදුරන් ඒ පිළිබඳව
පරීක්ෂාකාරී කටයුතු කරන ලෙසයි දැනුම් දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?