මහනුවර පාස්පෝට් කාර්යාලය අසල ජාවාරමක් නිසා උණුසුම් වෙයි (ඡායාරූප)

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මහනුවර ප්‍රාදේශීය කාර්යාලයට දෛනිකව පැමිණෙන ජනතාව ඇතුළු කර ගැනීමට විධිමත් වැඩපිළිවෙළක් සකස් කිරීමට එහි බලධාරීන් අපොහොසත් වීම නිසා පැමිණෙන ජනතාව දැඩි දුෂ්කරතාවට පත්ව සිටියි.

මෙම කාර්යාලයෙන් එක්දින සේවාව යටතේ දෛනිකව විදේශ ගමන් බලපත්‍ර 200 ක් නිකුත් කරන නමුත් එම සේවාව ලබා ගැනීමට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් දහසකට අධික පිරිසක් පැමිණෙයි.

පෙර දින පස්වරුවේ පෝලිමට එකතු වන පිරිස පසුදින පෙරවරු 8.00 ට කාර්යාලය විවෘත කරන තෙක්ම රැඳී සිටින්නේ මහනුවර පේරාදෙණිය ප්‍රධාන මාර්ගයේයි.

එක්දින සේවාව යටතේ නොම්මර 200 ක් ද සාමාන්‍ය සේවා යටතේ නොම්මර 175 ක් ද නිකුත් කරන අතර මෙම නොම්මර ලබා ගැනීම සඳහා පවතින දැඩි තරඟාකරීත්වය හේතුවෙන් කටුකැලේ, සුදුහුම්පොළ ප්‍රදේශ වල පදිංචිකරුවන් මධ්‍යම රාත්‍රියේ සිට පෝලිමේ රැඳී සිට ලබා ගන්නා නොම්මර සේවා ලබා ගැනීමට පැමිණෙන පුද්ගලයින්ට රුපියල් 3000-5000 ත් අතර මුදලකට හෝ ඊට වැඩි මුදලකට අ‍ළෙවි කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වෙමින් තිබෙන බව එහි පැමිණෙන මහජනතාව පවසනවා.

මෙම ජාවාරමට කාර්යාලයේ ඇතැම් පුද්ගලයින් ගේද සහය හිමියන බවට සේවා ලබා ගැනීමට පැමිණෙන ජනතාව චෝදනා කර සිටිනවා.

නොම්බර ලබා දීමේ දී ඇති වූ ගැටලුවක් සම්බන්ධයෙන් ඊයේ (28)දින එම ස්ථානයේ දැඩි නොසන්සුන්තාවක් ඇති වූ අතර මහනුවර පොලිස් මූලස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු කණ්ඩායමක් ගොස් එය පාලනය කරනු ලැබුවා.

එහි දී විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සඳහා රැය පහන් කරමින් සිටින ජනතාවට නොම්මර ලබාදීම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මහනුවර ප්‍රාදේශීය කාර්යාල නිලධාරීන්ට දැනුම් දුන් බව පොලීසිය පවසනවා.

මේ සම්බන්ධයෙන් කරුණු විමසීමට කාර්යාලයේ දුරකතන අංකය ඇමතූ අවස්ථාවේ පිළිතුරු දුන් සේවකයෙකු පැවසුවේ, නියෝජ්‍ය පාලකවරිය කාර්ය බහුල බැවින් පසුව කතා කරන ලෙස වුවද දුරකථනයෙන් බලධාරියකු සම්බන්ධ කර ගැනීමට බොහෝ විට නොහැකි බව එහි පැමිණ සිටි ජනතාව කියා සිටියා.

f9301649 93a1 46ec a41f 3260415828c9 2
6dc4f7a6 a4e9 4685 bcd4 c55aa0cb03e8
81dd408c 0bbe 4890 ac8f c62b48d96051 2
426acf31 6e2b 4696 9a0b 79401e9ce6df


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10