මහනුවර ජනතාව පාරේ ඉන්න රිළවු අල්ලයි

මහනුවර ප්‍රදේශයේ ජනතාව මේ වන විට රිළ ගැටළුව හේතුවෙන් අධික පීඩාවට පත්ව සිටින අතර මහනුවර ධර්මාශෝක මාවතේ ජනතාව මෙලෙස පීඩා කරන රිළවුන් 15 ක් පමණ කූඩුවකට අල්ලා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්හට භාරදීමට (09) සූදානම්ව සිට තිබෙනවා.

කෙසේ වෙතත් පසුව එම ස්ථානයට පැමිණි කාන්තාවක් එම රිළවුන් නිදහස් කරන ලෙස ප්‍රදේශවාසීන්ගෙන් ඉල්ලා සිටීම හේතුවෙන් උණුසුම් තත්ත්වයක් උද්ගතව වී ඇති බවයි පැවසෙන්නේ.

ප්‍රදේශවාසීන් සඳහන් කොට ඇත්තේ මෙම රිළවු විශාල වශයෙන් එම ප්‍රදේශයේ වගා හා දේපළවලට හානි කරන බැවින් රජයේ උපදෙස් මත ඔවුන් අල්ලා වන ජීවියට භාරදීමට පියවර ගත් බවයි.

නමුත් එම කාන්තාව දිගින් දිගටම මෙය සත්ව හිංසනයක් බැවින් රිළවුන් වහාම මුදාහරින මෙන් ඉල්ලා ජනතාවට දිගින් දිගටම බලපෑම් කළ බව පැවසෙන අතර අවසානයේ එම කාන්තාව සහ ප්‍රදේශවාසීන් අතර ඇති වූ උණුසුම් තත්ත්වයක් හේතුවෙන් ප්‍රදේශවාසීන් තමන්ට පහර දුන් බවට එම කාන්තාව විසින් මහනුවර මූලස්ථාන පොලිසියට පැමිණිලි කොට ඇති බවයි වාර්තාවන්නේ.

කාන්තාවට කිසිඳු පහර දීමක් සිදු නොකළ බව ප්‍රදේශවාසීන් පවසන අතර පහර කෑමට ලක්වූ බව කියන කාන්තාව රෝහල්ගතව සිටින බවත් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කොට ඇති බවත් මහනුවර මූලස්ථාන පොලිසිය පවසනවා.

  1. ස්පිලිස් තියෙන රිලව් ටික කසාද බන්ද දෙන්න ඕන තිරිසන් ගෑනිට.සත්ව හිංසනය ගැන කතා කරන අහිකුන්ටකයො තමයි ලංකාව වටේ මුහද තියාගෙන සැමන් කරවල රටින් ගේනව කියල රජයට බනින්නෙත්.මිනිහටවත් හරියට සලකනවද දන්නෙ නෑ ඒ බැල්ලි.😬