මහජන බැංකුවෙන් විශේෂ නිවේදනයක්

හෙට (01) පොහොය නිවාඩු දියක් වුවද දිවයිනේ සියලුම මහජන බැංකු ශාඛා විවෘතව තැබෙන බව මහජන බැංකුව නිවේදනය කර තිබෙනවා.

අස්වැසුම සුබ සාධන ප්‍රතිලාභ වැඩසටහන සඳහා ගිණුම් විවෘත කිරීමට එම ශාඛා එසේ විවෘත තැබෙන බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.