මහජනතාවට සෑහීමකට පත්වන සේවාවක් සැපයීමට පොලිසිය තවමත් අසමත් – ඇමති ආනන්ද විජේපාල (වීඩියෝ)

මෙම වසරේ මේ දක්වා කාලය තුළ පොලිස් නිලධාරීන් 310 කට අසන්න සංඛ්‍යාවක් වැඩ තහනමකට ලක්ව ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා.

ඉන් නිලධාරීන් 58 දෙනෙකු මත්ද්‍රව්‍ය චෝදනා වැරදි සම්බන්ධ වැරදි මත වැඩ තහනමට ලක්ව ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ.

ඌව පළාතේ පොලිස් නිලධාරීන් දැනුම්වත් කිරීමේ වැඩසටහනකට ඊයේ (09) එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මෙහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ අවංකව සහ කැපවීමේ රාජකාරී ඉටුකරන පොලිස් නිලධාරීන්ට අවශ්‍ය සියලු රැකවරණය අමාත්‍යාංශයක් ලෙස සහ අමාත්‍යවරයා ලෙස තමනුත් ලබාදෙන බවයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ මහජනතාවට සෑහීමකට පත්වන සේවාවක් සැපයීමට පොලිසිය තවමත් අසමත් වී ඇති බවයි.

තැන තැන වෙඩි තැබීම සිදුවන බවත්, මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය වර්ධනය වී ඇති බවත් මහජන ආරක්ෂක අමාත්‍යවරයා මෙහිදී අදහස් දක්වමින් පවසා සිටියා.

තාක්ෂණය අතින් අතිශය ඉහළ ස්ථානයක් සමාජය අත්පත් කරගෙන ඇති මොහොතක පොලිස් සේවය ද වඩා ප්‍රමිතිගත විය යුතු බවයි ඔහු සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිස්කට් සහ චොකලට් පෙට්ටිවල සූක්ෂමව සඟවගෙන ආ කෝටි 08ක අයිස් ගුවන්තොටුපොළේදී අල්ලයි
00:55
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.29
01:27:26
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06