මවට සහ දියණියකට අමානුෂික වූ කාන්තාව පොලිස් අත්අඩංගුවට

සිය දියණියට සහ මවට අමානුෂික අයුරින් පහර දුන් කාන්තාවක් ඇඹිලිපිටිය, පනාමුර පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පනාමුර, යාය 08 ප්‍රදේශයේ පදිංචිකාරිනියක් බවයි වාර්තා වන්නේ.

සිය අවුරුදු අටක කුඩා දැරියට සහ වයස අවුරුදු 66ක මවට සැකකාර කාන්තාව විසින් මෙලෙස අමානුෂික අයුරින් පහර දෙන බවටයි පොලිසියට පැමිණිලි ලැබී ඇත්තේ.

අත්අඩංගුවට ගැනුණු සැකකාර කාන්තාව අද (02) දිනයේ ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.