මවගේ ඇඟිලි කැපූ අංගුලිමාල පුත්‍රයා අත්අඩංගුවට (ඡායාරූප)

පුත්‍රයා විසින් සිය මවගේ අතේ ඇඟිලි තුනක් කොටයක් උඩ තබා වෙන්වන සේ මන්නයකින් කපා දැමූ පුවතක් වැල්ලවාය, හදපානාගල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

එලෙස මවගේ ඇඟිලි කපා දැමූ පුත්‍රයා විසින් සිය සහෝදරියකට ද පිහියකින් පහර දී ඇති බවයි වාර්තා වුණේ.

මෙම ප්‍රහාර සමඟ අතේ ඇඟිලි වෙන් වූ මව සහ තුවාල ලැබූ සහෝදරිය වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇති බව සඳහන්.

එහිදී බරපතළ තත්ත්වයේ සිටි මව වැඩිදුර ප්‍රතිකාර සදහා කොළඹ ජාතික රෝහලට මාරුකර යවා තිබෙනවා.

සිද්ධියට සම්බන්ධ සැකකාර පුත්‍රයා වැල්ලවාය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු වයස අවුරුදු 30ක පුද්ගලයෙක් වන අතර ඔහු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

මෙම පහරදීම්වලට නිශ්චිත හේතුවක් මේ වන තෙක් අනාවරණය වී නොමැති බවයි පොලිසිය සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56