spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මවකගේ සහ කුඩා දරුවෙකුගේ සිරුරු නිවසකින් හමුවෙයි

ඇලපාත කෙහෙල්ඕවිටගම ප්‍රදේශයේ වතු නිවාසයක තිබී මවකගේ සහ කුඩා දරුවෙකුගේ මළ සිරුරු හමුවී තිබෙනවා.

මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 21 හැවිරිදි එක්දරු මවක් සහ අවුරුදු දෙකක කුඩා පිරිමි දරුවෙක්.

ප්‍රදේශවාසීන්ගෙන් පොලිසියට ලැබුණු තොරතුරකට අනුවයි අද පස්වරුවේ මෙම සිරුරු සොයාගෙන ඇත්තේ.

පොලිසිය සැක කරන්නේ මෙම කාන්තාව තම දරුවා ඝාතනය කර පසුව සියදිවි නසාගෙන ඇති බවටයි.

මෙම කාන්තාවගේ සැමියා මීට දින කිහිපයකට පෙර නිවසින් පිටව ගොස් ඇති බවට ද පොලිස් විමර්ශනවලදී හෙළිවී තිබෙනවා.

මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුරු රත්නපුර රෝහලට යොමුකර ඇතැයි සඳහන්. සිද්ධිය සම්බන්ධයෙන් ඇලපාත පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
4
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?